Recent comments

අලුත්ම ලිපි 🡲

PHP 01 - PHP හඳුනාගනිමු

මෙතැනින් ඇරඹෙන PHP පාඩම් මාලාවෙන් මම PHP පිළිබඳ ඔබ දැනගතුයුතු මූලික කරුණු සියල්ලම වගේ ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. 

හොඳයිඉගෙන ගන්න කලින් මුලින්ම දැන ගන්න එපැයි PHP කියන්නෙ මොකක්දමේක භාවිතා කරන්නෙ මොනවගේ දේවල් වලටද කියලානේද!

PHP කියන්නේ මොකක්ද?


PHP මුලින්ම නිර්මාණය කළේ Rasmus Lerdorf විසින්ඒ 1995 වර්ෂයේදී. දැනට පවතින නිල මූලාශ්‍රය විදියට සැලකෙන ප්‍රධාන PHP සංස්කරණය නිර්මාණය කරන්නේ The PHP Group එක විසින්. PHP කියන්නේ Web development වලදී අවශ්‍ය වන dynamic Web pages නිර්මාණය කරගැනීම සඳහා බහුලව භාවිතා වෙන HTML පිටු තුළම ඇතුළත් කළ හැකි server-side scripting language එකක්. සරලව කිව්වොත් අපිට programming language එකක් හරහා කරගන්න වැඩ ටික HTML කේත අතරම ඉඳන් කරගන්න පුලුවන් ආකාරයේ භාෂාවක්.  PHP මයික්‍රොසොෆ්ට් සාමාගම නිර්මාණය කළ Active Server Pages (ASP) එක සමග කරට කර තරඟ කරනවා. මේ වනවිට ලොව පුරා වෙබ් අඩවි මිලියන 20කත්වෙබ් සර්වර් මිලයනයකත් PHP භාවිතා කරන බවට ගණන් බලා තිබෙනවා.

PHP කේත ඔබ Windows තුළ නිර්මාණය කළත් වෙනත් Linux, Mac වැනි මෙහෙයුම්පද්ධති තුළ නිර්මාණය කළත් කිසිදු වෙනසක් නැතිව ඕනෑම Platform එකකදී කාර්යක්ෂමව වැඩ කිරීම PHP වල සුවිශේෂ ලක්ෂණයක්.




PHP කියන අකුරු තුන මුල් කාලයෙදි යෙදාගත්තේ "Personal Home Page" එහෙමත් නැත්නම් පුද්ගලික මුල් පිටුව යන අරුතින්. නමුත් අද එය භාවිතා වන්නේ "PHP: Hypertext Preprocessor" ලෙසයි. ඔව්! ඔයාට හිතුණු දේ හරි. PHP ඇතුළෙ ආයෙමත් PHP අකුරු තුන තියෙනවා.

PHP අපිට free software එකක් විදියට නොමිලේම ලබාගන්න පුලුවන්. නමුත් PHP License එකට යටත්ව. ඒ කියන්නේ අපිට PHP නිදහසේ භාවිතා කරන්න පුලුවන් වුණත් මේ PHP භාවිතයෙන් හදන කිසිම දේකට PHP කියන නම භාවිතා කරන්න නම් අවසරයක් නෑ. ඒත් මදැයි නේද!

PHP File එකක් කියන්නේ මොකක්ද?

PHP File එකක සාමාන්‍ය text, HTML Tags සහ PHP Scripts තියෙන්න පුලුවන්. PHP කිව්වත් අවසානයේදී මේ ෆයිල් බ්‍රව්සර් එකෙන් පෙන්නන්නෙ සාමාන්‍ය HTML File එකක් ආකාරයෙන්මයි. නෝට් පෑඩ් එක හෝ වෙනත් ටෙක්ස්ට් එඩිටර් එකකින් හෝ Netbeans වැනි IDE එකකින් ඔබ සාදාගන්නා PHP File එකක් .php, .php3 හෝ .phtml යන extensions අතරින් එක මාදිලියකින් save කරගත යුතුයි.

PHP අධ්‍යයනය සඳහා අවශ්‍ය පරිසරය සකසාගැනීම


අපිට PHP හි සංස්කරණයක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි. නමුත් PHP වෙනමම Install කරගන්න එක ටිකක් කරදරයි. වැඩි වෙලාවකුත් ගතවෙන වැඩක්. ඒ නිසා මම ලේසි ක්‍රමයක් කියා දෙන්නම්.

ඔයාට පුලුවන් Wamp Server එක හෝ Xampp භාවිතා කරලා ලේසියෙන්ම PHP සහ අවශ්‍ය අනෙකුත් මෘදුකාංග දෙක වන MySQL සහ Apache Server එකත් පහසුවෙන්ම Install කරගන්න. මම භාවිතා කරන්නේ Xampp මෘදුකාංගයේ Portable සංස්කරණය. පාඩම පටන් ගන්න කලින් මෙන්න මේ මෘදුකාංග ටික ඔයාගෙ පරිගණකයේ ස්ථාපනය කරගන්න.

(01) XAMPP (Portable) [TYPE: Portable  SIZE : 69MB FORMAT: 7ZIP]
 (02) 7Z ගොනුව C:\ ඩ්‍රයිව් එකට extract කරගැනීම සඳහා 7Zip මෘදුකාංගය (1.9 MB) අවශ්‍යවේ.).
(03) MySQL WorkBench [TYPE: Portable  SIZE : 30.3 MB FORMAT: ZIP] - (අත්‍යාවශ්‍ය නැත)
(04) Notepad++ (TYPE: Portable SIZE : 4 MB FORMAT: ZIP]



මෙම මෘදුකාංග තුන ඩවුන්ලෝඩ් කරගැනීමෙන් පසු ඔබේ පරිගණකයේ C:\ Drive එක තුළට Extract කරගන්න. (Install කිරීමක් අවශ්‍ය නොවේ).



ඔබ මෙම ලිපි මාලාවේ එන කරුණු අත්හදාබැලීමට පෙර පළමුවෙන්ම මෙහි Xampp ෆෝල්ඩර් එක තුළ ඇති xampp-control-3-beta නැමැති ෆයිල් එක ඕපන් කළ යුතුය. ඔබේ පරිගණකය වෙබ් සර්වර් එකක් බවට පත් කරගැනීමටත් අවශ්‍ය ඩේටාබේස් එක ක්‍රියාත්මක කරවීමටත් අවශ්‍ය පහසුකම් ඒතුළ තිබේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ එහි ඇති Apache සහ MySQL ඉදිරියෙන් ඇති Start button එක Click කිරීම පමණි. එම සේවා දෙක ක්‍රියාත්මක වීමෙන් පසු අදාල වින්ඩෝව පහත පරිදි දිස්වනු ඇති.


සැලකිය යුතුයි : මෙහි Apache Server එක මගින් Port 80 භාවිතා කරන බැවින්, ඔබ Team-viewer වැනි මෘදුකාංග භාවිතා කරනවානම් ඒවා නවතා දමා Apache Start  කළ යුතුය.

ඔබේ වෙබ් සර්වරය නිවැරදිව ක්‍රියාත්මක වේදැයි බැලීම සඳහා වෙබ් බ්‍රව්සරයක් විවෘත කොට එහි Address එක ලෙස localhost යන්න ලබාදී enter කරන්න. එවිට ඔබේ බ්‍රව්සර් එක තුළ Xampp පිටුව විවෘත වනු ඇති. එහි ඇති භාෂා අතරින් English යන්න ලබාදෙන්න. ඉන්පසු ලැබෙන පිටුවේ ඔබට ඔබ විසින් ස්ථාපනය කළ Apache,MySQL සහ PHP පිළිබඳ වැඩිදුර තොරතුරු බලාගත හැකිවනු ඇති.



හා දැන් බ්‍රව්සර් එක close කරන්න....

මම ඉන්ස්ටෝල් කරගන්න කියූ Notepad++ තමයි අපි අපේ php කේත ලිවීමට යොදාගන්නා text editor එක. මේ සඳහා ඔබ සාමාන්‍ය Notepad එක භාවිතා කළත් වරදක් නැහැ. නමුත් Notepad ++ වල තිබෙන සුවිශේෂ පහසුකම් එහිදි ඔබට නොලැබී යනු ඇති. කේත සටහනක් ලිවිමට පෙර Notepad ++ විවෘත කර, එහි Language මෙනුවේ P අකුර යටතේ ඇති PHP තේරීමෙන් ඔබට PHP කේත සටහනේ වර්ණ, සහ වෙනත් ඔබේ පහසුව සලසන formatings ලබාගත හැකියි.

දැන් ඔබ PHP අධ්‍යයනය සඳහා අවශ්‍ය පරිසරය සකසාගෙන අවසන්.

ඊළඟ පාඩමෙන් අපි PHP කේත පිළිබඳව මූලික දැනුම ලබාගනිමු. අමාරු නැහැ, PHP ලේසියි.

ඔබ මේ ලිපියෙන් යමක් ඉගෙනගත්තානම් Comment එකකින් මා දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි!

30 comments:

  1. ගොඩක් වටිනා දෙයක් කිනිත් අයියේ ඔයා කරන්නේ... මං මේ හොය හොයා උන්නේ සිංහලෙන් PHP ඉගන ගන්න පුළුවන් සයිට් එකක්... දිගටම ලියන්න....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි!

      Delete
  2. නියමයි කිනිත් අයියා..........
    දිගටම ලියන්න........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි!

      Delete
  3. නියමයි, අලුත් බ්ලොග් එකකින් අලුත් වැඩක් පටන් අරන් තියෙන්නෙ, හ්ම් දිගටම ලියමු. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හසිත!

      Delete
  4. සංකීර්ණ මට්ටමේ යෙදවුම සදහා මෙහි පොර්ටබ්ල් වර්ශන් එක ගන්න එපා. සම්පූර්ණ වර්ශන් එකම ගන්න. නමුත් ලෑම්ප් ස්ටක් එක තරම් වින්ඩෝව්ස් මත මෙය කාර්යශම නෑ. නමුත් ඉගෙන ගන අයට ඉහටත් උඩින්. දිගටම ලියන්න කිනිත් අපි බලනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උමන්දා සහෝ!

      Delete
  5. lessons tika nam godaak watinawa..oyata godaak thanks ayye.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි!

      Delete
  6. good work... :) good luck dear..

    ReplyDelete
  7. Really Really proud of you(Sorry for use English i m hard to type in Sinhalese).It’s well known fact that everyone cannot teach in a proper way that student can understand. But students never tell that because they have fear they will lose the degree or even may be suspend from university. I have seen that some lectures just reading the slides in classroom. That’s not the thing we expect from a lecturer. Even Microsoft Anna or Adobe reader also can do that. But in here the way you present the subject matters are really amazing. :n

    ReplyDelete
    Replies
    1. අදහස් බලට බොහොමත්ම ස්තුතියි! ලොකු සතුටක් දැනුණා ඒ වචන ටිකට.

      Delete
  8. හුගාක් වටිනා දෙයක්...බොහොමත්ම ස්තුතියි.....

    ReplyDelete
  9. very good. I'm >>>> WWW.MaruLanka.tk <<<<<<<

    ReplyDelete
  10. bro meka apita word walata copy kraganna barida? mata hama welema net awith balanna widihak nati nisa man copy kragena gihin wada kranna one.. plz mata e help eka kranna tnx soo much me wage udaw denawata. viraj.se@gmail.com

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදී PDF විදියට ලබාදෙන්න උත්සහ කරනවා. බොහොම ස්තුතියි!

      Delete
  11. Proud of you boss.keep it up

    ReplyDelete
  12. මචං, මං උඹේ බ්ලොග් එක අපේ පොඩි උන් කීප දෙනෙක්ටම යැව්වා. බොහොම ලස්සන වැඩක. උඹ, සද්ද නැතුව ලොකු වැඩක් කරන මිනිහෙක්. සුබ පැතුම්. මම දිලුම්

    ReplyDelete
  13. මචං, මං උඹේ බ්ලොග් එක අපේ පොඩි උන් කීප දෙනෙක්ටම යැව්වා. බොහොම ලස්සන වැඩක. උඹ, සද්ද නැතුව ලොකු වැඩක් කරන මිනිහෙක්. සුබ පැතුම්. මම දිලුම්

    ReplyDelete
  14. සුපිරිම ලිපියක් !! :D

    ගොඩාක් ස්තුතියි , මේ වගේ ඒවා කියල දෙනවට !! :D

    ReplyDelete
  15. අයියේ sessoin use කරන විදිහත් කියල දෙන්න .

    ReplyDelete