Recent comments

අලුත්ම ලිපි 🡲

English #02 පාඩම - The Simple Present Tense (Part 1)

අපි එදිනෙදා පුරදු විදියට කරන දේවල් (දත් මදින එක), ඒ වගේම කවදාවත් වෙනස් නොවෙන දේවල් (නැගෙනහිරෙන් ඉර පායන එක) ගැන කතාකරනකොට අපි දන්නෙම නැතුව පාවිච්චි කරන්නෙ Simple Present Tense තමයි.

මෙතනදි ක්‍රියාපදය මම අර පලවෙනි පාඩමේදි ඔයාට කිව්ව මූලික අවස්ථාවෙන් (Stem) ම තියන්න ඕන. ඒ කියන්නෙ අපි ක්‍රියාපදය වෙනසක් නොකර ඒ විදියටම පාවිච්චි කරනවා. ඒ ගැන පහල අපි කතා කරනවා...හරිනේ.

මේ පහළින් තියෙන කාලය අඟවන පදත් ඔයාට මේ වාක්‍ය අගට යොදාගන්න පුලුවන්.
  • හැම උදෑසනකම - Every morning (එව්රි මෝනින්ග්)
  • හැම සවසකම - Every evening (එව්රි ඊවිනින්ග්)
  • හැම රාත්‍රියකම - Every night (එව්රි නයිට්)
  • හැමදාම -Every day (එව්රි ඩේ)
  • හැම සතියකම - Every week (එව්රි වීක්)
  • හැම මාසයකම - Every month (එව්රි මන්ත්)
  • හැම අවුරුද්දකම - Every year (එව්රි ඉයර්)
  • හැම මිනිත්තුවකම - Every minute (එව්රි මිනිට්)
  • හැම තත්පරයකම - Every second (එව්රි  සෙකන්ඩ්)
  • දිනපතා - Daily (ඩේලි)
  • සතිපතා - Weekly (වීක්ලි)
  • මාස්පතා - Monthly (මන්ත්ලි)
  • අවුරුදුපතා - Yearly/Annually (ඉය‘ලි/ඇනුවලි)
  • දවසකට වරක් - Once a day (වන්ස් අ ඩේ)
  • දවසකට දෙවරක් - Twice a day / Two times a day (ට්වයිස් අ ඩේ/ ටූ ටයිම්ස් අ ඩේ)
  • දවසකට තුන්වරක් - Three times a day (ත්‍රී ටයිම්ස් අ ඩේ)
  • දවසකට හතරවරක් - Four times a day (ෆෝ ටයිම්ස් අ ඩේ)
  • සතියකට වරක් - Once a week (වන්ස් අ වීක්)
  • මසකට වරක් - Once a month (වන්ස් අ මන්ත්)
  • අවුරුද්දකට වරක් - Once a year (වන්ස් අ ඉය‘)
ඒත් මේ වචන පහළින් තියෙන කාලය අඟවන පද ටික යෙදෙන්න ඕන අනිවාර්යෙන්ම කර්තෘ සහ ක්‍රියාව අතරට....
  • නිතරම - Always / Frequently (ඕල්වේස්/ෆ්‍රීක්වන්ට්ලි)
  • බොහෝවිට - Often (ඕෆන්)
  • සිරිත් පරිදි - Usually (යූෂුඅලි)
  • සාමාන්‍යයෙන් - Generally / Normally (ජෙනරලි/නෝමලි)
  • ඇතැම්විට/සමහරවිට - Sometimes (සම්ටයිම්ස්)
  • කලාතුරකින් - Seldom/Rarely (සෙල්ඩම්/රෙආලි)
  • ඉතාමත් කලාතුරකින් - Once in a blue moon (වන්ස් ඉන් අ බ්ලූ මූන්)
මේ වචන අපි ඉස්සරහදි කරන පාඩම් වලදි පාවිච්චි කරමු....

ඔයාට මතකද මම කලින් පාඩමේදි කිව්ව වාක්‍ය රටාව. කාල දොලහටම එකම වාක්‍ය රටාවක් තියෙනව කියල මම කිව්වෙ......

කර්තෘ + ක්‍රියාව + කර්මය

අපි Simple Present Tense එකේදිත් මේ රටාවම තමයි පාවිච්චි කරන්නෙ.

මම බත් කනවා
මම කනවා බත්
 I eat rice

 තව එකක් බලමු....









මම හැමදාම පන්සලට යනවා
මම යනවා පන්සලට හැමදාම
I go to temple everyday 

තව එකම එකක්....
ඒගොල්ලො සතියකට වරක් මෙහෙ එනවා
ඒගොල්ලො එනවා මෙහෙ සතියකට වරක්
 They come here once a week

  • Simple present tense එකේදි අපි ක්‍රියාපදය තියන්නෙ මූලික අවස්ථාවෙන්. අර අපි “නවා“ කියල කිව්වෙ. මතකයි නේද?
  • කාලය අඟවන පද අපි ඒ වාක්‍යය අගින් යොදනවා.
  • අර මම දීලා තියෙන මුල් වචන 20 වාක්‍යයෙ මුලට හරි අගට හරි දාන්න පුලුවන්. දෙවෙනි වචන list එක කර්තෘ සහ ක්‍රියාව අතරට තමයි රිංගන්නෙ. මෙන්න මේ වගේ.
මම නිතරම පොත් කියවනවා
මම නිතරම කියවනවා පොත්
 always read books
මම කිව්වනෙ Simple Present Tense එකේදි අපි ක්‍රියාපදය මූලික අවස්ථාවෙන් තියනව කියලා. මේ බිහිවුණු අවස්ථාවත් දෙවිදියකට තේරුම් ගන්න පුලුවන්.

  1. මම (I) , ඔබ (You) කියන දෙන්නා ඇතුලුව සියලුම බහුවචන කර්තෘන් මොකක් හරි ක්‍රියාවක් කරනකොට අපි ඒ Stem එක වෙනසක් නොකර එහෙමම තියනවා. මෙන්න මේවගේ
    • මම යනවා - I go
    • ඔබ යනවා You go
    • ඒගොල්ලො යනවා They go
    • අපි යනවා - We go
  2. මම (I) , ඔබ (You) දෙන්න ඇරෙන්න අනිත් හැම ඒක වචන කර්තෘ කෙනෙක්ම Simple Present Tense එකේ ක්‍රියාවක් (“නවා“) කරනකොට අපි ක්‍රියාපදයේ බිහිවුණු අවස්ථාව අගට S ශබ්දයක් එකතු කරනවා. (ඒ විදියට එස් ශබ්දය එකතු කරන හැටි පහළින් බලන්නකො හොඳද...)
    • ඔහු යනවා - He goes
    • ඇය යනවා - She Goes
    • අමල් යනවා - Amal Goes


Simple Present Tense ඒකවචන ක්‍රියාපද ගොඩනැගීම

  • o, ch, sh, ss සහ x වගේ අකුරු වලින් ඉවරවෙන ක්‍රියාපද වල අගට අපි "es" එකතු කරනවා.
    • Go - Goes
    • Catch - Catches
    • Wash - Washes
    • Discuss - Discusses
    • Mix - Mixes
  • Y අකුරෙන් අවසන් වෙන ක්‍රියාපද
    • Y අකුරට කලින් තියෙන්නෙ Constant එකක් නම් අපි Y කපලා "ies" එකතු කරනවා
      • Fly - Flies
      • Cry - Cries
    • Y අකුරට කලින් තියෙන්නෙ Vowel එකක් නම් අපි අගට "s" එකතු කරනවා
      • Play - Plays
      • Buy - Buys
  • මේ ඇරෙන්න අනිත් ක්‍රියාපද වලදි නම් අපි අගට "s" විතරක් එකතු කරනවා.
    • Show - Shows
    • Come - Comes


සාරාංශය

  • I සහ You ඇතුළු සියලුම බහුවචන කර්තෘන් සඳහා ක්‍රියාපදය එහි බිහිවුණ අවස්ථාවෙන් තියන්න. (Go)
  • I සහ You හැර සියලුම ඒකවචන කර්තෘන් සඳහා ක්‍රියාපදය අගට S ශබ්දය එක් කරන්න. (Goes)

No comments