Recent comments

අලුත්ම ලිපි 🡲

English #03 පාඩම - The Simple Present Tense (Part 2)


ඔයාට මතකයි නේද අපි කලින් පාඩමේදී Simple Present Tense ගැන ඉගෙනගත්තා. එතනදි අපි ඉගෙනගත්තෙ එක ක්‍රියාපදයක් තියෙන වාක්‍ය නේ....

  • මම ගෙදර යනවා
  • මම යනවා ගෙදර 
  • go home

  • මම මගේ දිවා ආහාරය ගන්නවා
  • මම ගන්නවා මගේ දිවා ආහාරය
  • take my lunch

මේවගේ වාක්‍යයක් ලියන්න, කියන්න ඔයාට පුලුවනි නේද දැන්?

ම්ම්....මෙහෙම කිව්වොත්.....

මම මගේ දිවා ආහාරය ගන්න ගෙදර යනවා

මෙන්න මේවගේ දෙයක් කියන්නයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නෙ, ක්‍රියාපද දෙකක්, නැත්නම් ඔයා කරන්න යන වැඩ දෙකක් ගැන එක වාක්‍යයකින් කියන හැටි තමයි අද අපි ඉගෙන ගන්නෙ. හරි නේද.

මෙන්න මේවගේ ඔයා කරන වැඩ දෙකක් එකතු කරලා එක සැරේ කියන, එහෙමත් නැත්නම් ක්‍රියාපද දෙකක් තියෙන වාක්‍යයක් කාල 12දිම අපි ලියන්නෙ මෙන්න මේ විදියටයි. අපි අර කලින් පාඩමේදි කීව කර්තෘ+ක්‍රියාව+කර්මය වගේ මේකත් එකම විදියට තමයි හැම කාලයකදිම ලියන්නෙ. ක්‍රියාපදය විතරමයි වෙනස්වෙන්නෙ.

මෙන්න මේකයි වාක්‍ය රටාව....

කර්තෘ + පළමු ක්‍රියාව පළමු ක්‍රියාවට සම්බන්ධ පදය + toදෙවන ක්‍රියාවේ මූලික අවස්ථාව + දෙවන ක්‍රියාවට සම්බන්ධ පදය

  •  මෙතන තියෙන මේ දෙවන ක්‍රියාව අපි මූලික අවස්ථාවෙන්ම තියන්න ඕන. ඒ කියන්නෙ Come, Go, Fly වගේ.

  • ඒ වගෙම දෙවැනි ක්‍රියාව කර්තෘ ඒක වචන වුණත් බහුවචන වුණත් කිසි වෙනසක් නොකර S ශබ්ද නැතිව Stem එකෙන්ම තියන්න ඕන. 

  • කර්තෘ ඒකවචන නම් අපි S ශබ්දය එකතු කරන්නෙ පළමු ක්‍රියාවට විතරයි. ඒකියන්නෙ කාල දොලහෙදිම අපිට වෙනස් කරන්න වෙන්නෙ පළමු ක්‍රියාව විතරමයි. 

අන්ඩරදෙමල වගෙනම් ගණන් ගන්නෙපා...උදාහරණ ගන්නකොට, ඉස්සරහට තියෙන අනිත් කාල දෙක ගැනත් ඉගෙන ගත්තම, ඔයාට තේරේවි. කලබල වෙන්න එපා.හෙමින් සැරේ යමු. පිළිවෙලට කරගෙන යමු.

දැන් අපි බලමු මම අර කීව වැඩ දෙකක් එකසැරේ කියන වාක්‍යය ලියන්නෙ කොහොමද කියලා මේ කියපු විදියට...

  • මම මගේ දිවා ආහාරය ගන්න ගෙදර යනවා
  • මම යනවා ගෙදර to ගන්න මගේ දිවා ආහාරය
  • go home to take my lunch


තේරුණාද ඔයාට...


තව එකක් බලමු....

  • මම ඉංග්‍රීසි ඉගෙනගන්න මෙහෙ එනවා
  • මම එනවා මෙහෙ to ඉගෙනගන්න ඉංග්‍රීසි
  • I come here to learn English

English වල E capital වුණේ අපි භාෂාවක, රටක, නගරයක, පුද්ගලයෙකුගේ වගේ නමක් කියනකොට මුල අකුර Capital වලින් තියන නිසයි.....

තව එකක්....
  • ඇය පොත් කියවන්න පුස්තකාලයට යනවා
  • ඇය යනවා පුස්තකාලයට කියවන්න පොත්
  • She goes to library to read books


මෙතන මේ ක්‍රියාවට සම්බන්ධ පදය හැම වෙලාවෙම තියෙන්නම ඕන නෑ. ඒක ඔයා කියන දේ අනුව වෙනස් වෙනවා....සමහර විට එහෙම පදයක් නැති වෙනවා. මේ වගේ.

  • පළමු ක්‍රියාවට සම්බන්ධ පදයක් නැති වාක්‍යයක්
    • ඔහු චිත්‍රපටි බලන්න යනවා.
    • ඔහු යනවා to බලන්න චිත්‍රපටි
    • He goes to see movies
     මෙතනදි Go - Goes වුණේ He (ඔහු) ඒකවචන නිසයි....නේද! අපි film එකක් drama එකක් වගේ බලනවා කියනකොට see කියල තමයි කියන්නෙ. TV නම් watch කියල තමයි කියන්නෙ.
  • දෙවැනි ක්‍රියාවට සම්බන්ධ පදය නැති වාක්‍යයක්
    • ඔහු එහෙ යනවා පීනන්න
    • ඔහු යනවා එහෙ to පීනන්න
    • He goes there to swim
  • මෙන්න ක්‍රියාපද දෙකටම සම්බන්ධ පදය නැති වාක්‍යයක්
    • ඔහු බලන්න යනවා
    • ඔහු යනවා to බලන්න
    • He goes to see


සාරාංශය

කොහොමහරි ඔයා දැනගන්න ඕන මෙන්න මෙච්චරයි.
  • ක්‍රියාපද දෙකක් එකසැරේ යෙදෙනකොට, නැත්නම් ඔයා කරන වැඩ දෙකක් එකසැරේ කෙරෙනකොට ඒ ක්‍රියාපද මැදට to දාලා ඒ වාක්‍යය ලියන්න පුලුවනි. වාක්‍ය රටාව මම පාට පාටින් දාලා තියෙනවා උඩ.

  • එකම කර්තෘ කෙනෙක් ක්‍රියා දෙකක් කරනකොට පළවෙනි ක්‍රියාව කර්තෘට ගැලපෙන්නත් (ඒකවචන/බහුවචන) දෙවැනි ක්‍රියාපදය මූලික අවස්ථාවෙනුත් තියන්න.

No comments