PHP 05 - Operators හඳුනාගනිමු
මේවෙනතෙක් අපි වැඩිපුර අධ්‍යයනය කළේ Variables පිළිබඳවයි. පස්වැනි පාඩමෙන් අපි ඉගෙනගන්න Operators දැන් ඔබට අමුතු දෙයත් නෙවෙයි. Variable එකකට අගයක් Assign කිරීමේදී භාවිතා කරන සමාන ලකුණ, අගයන් දෙකක් එකතු කිරීමට, අඩුකිරීමට වැනි ගණිත කර්ම සඳහා භාවිතා වන සලකුණු දැන් ගැන ඔබට දැනටමත් අත්දැකීම් තිබෙනවා. ඒවාත් සමග PHP තුළ භාවිතා වන සියලුම Operators පිළිබඳව අපි මේ පාඩමෙන් ඉගෙනගමු.
PHP තුළ Operators ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ වර්ග කළ හැකියි.
Arithmetic Operators
Operator | විස්තරය | උදාහරණය | ප්‍රතිඵලය |
+ | Addition (එකතු කිරීම) | x=2 x+2 | 4 |
- | Subtraction (අඩු කිරීම) | x=2 5-x | 3 |
* | Multiplication (ගුණ කිරීම) | x=4 x*5 | 20 |
/ | Division (බෙදීම) | 15/5 5/2 | 3 2.5 |
% | Modulus (බෙදූවිට ඉතිරිය) | 5%2 10%8 10%2 | 1 2 0 |
++ | Increment | x=5 x++ | x=6 |
-- | Decrement | x=5 x-- | x=4 |
මේ සඳහා උදාහරණයක් ගෙන බලමු.
මෙම කේත සටහනේ පළමුවෙන්ම $x සහ $y ලෙස variables දෙකක් හඳුන්වාදී ඉන්පසු ඒ සඳහා පිළිවෙලින් 5 සහ 4 යන අගයන් assign කර තිබෙනවා.
ඉන්පසුව, 12 වැනි පේළියේ සිට 18 වැනි පේළිය දක්වා කර ඇත්තේ එක් එක් Operator එක භාවිතා කර ඒ සඳහා ලැබෙන පිළිතුර බ්‍රව්සරයේ print කිරීමය. මෙහිදී අදාල ගණිත කර්මයට පසුව එන Concatenation Operator එක සමග ඇති “<br>“ කේතයෙන් කරන්නේ නව පේළියකින් ඊළඟ පෙළ පෙන්වීමයි. (මෙය HTML Tag එකකි).
මෙහි ප්‍රතිඵලය පහත පරිදි දිස්වනු ඇත.
Assignment Operators
කිසියම් විචල්‍යයකට අගයක් ආදේශ කිරීම වැනි තැන් වලදී භාවිතා වන Operators මේ යටතට ගැනේ.
Operator | උදාහරණය | මෙයටම සමාන වේ |
= | x=y | x=y |
+= | x+=y | x=x+y |
-= | x-=y | x=x-y |
*= | x*=y | x=x*y |
/= | x/=y | x=x/y |
.= | x.=y | x=x.y |
%= | x%=y | x=x%y |
උදාහරණයක්...
Comparison Operators
කිසියම් අගයන් දෙකක් සැසඳීම සඳහා භාවිතා කරන Operators මේ යටතට ගැනේ.
Operator | විස්තරය | උදාහරණය |
== | is equal to (සමානවේ) | 5==8 returns false |
!= | is not equal (අසමානවේ) | 5!=8 returns true |
<> | is not equal (අසමානවේ) | 5<>8 returns true |
> | is greater than (වැඩි) | 5>8 returns false |
< | is less than (අඩු) | 5<8 returns true |
>= | is greater than or equal to (වැඩි හෝ සමාන) | 5>=8 returns false |
<= | is less than or equal to අඩු හෝ සමාන | 5<=8 returns true |
උදාහරණයක්...
Logical Operators
කිසියම් තාර්කික ගණනය කිරීමක් සිදුකළ යුතු අවස්ථා වලදී ප්‍රයෝජනයට ගනුලබන Operators මේ කාණ්ඩයට අයත්වේ. මෙවැනි තාර්කික ගණනයක අවසන් ප්‍රතිඵලය True හෝ False වේ.
Operator | විස්තරය | උදාහරණය |
&& | and (සහ) | x=6 y=3 (x < 10 && y > 1) returns true |
|| | or | x=6 y=3 (x==5 || y==5) returns false |
! | not | x=6 y=3 !(x==y) returns true |
උදාහරණයක්....
මේ අවසානයට කියූ කාණ්ඩ තුන පිළිබඳ ඉදිරි පාඩම් වලදී තවදුරටක් භාවිතයෙන්ම ඉගෙන ගනිමු.
මීළඟ පාඩමෙන් අපි Conditional Statements පිළිබඳව හදාරමු.
ඔබ මේ ලිපියෙන් යමක් ඉගෙනගත්තානම් Comment එකකින් මා දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි!
great work aiya..............
ReplyDelete:q
ReplyDeleteEla mcn...
ReplyDeleteela , me vidiyata python nuth danna berida
ReplyDelete