Recent comments

අලුත්ම ලිපි 🡲

English #05 පාඩම - The Simple Present Tense (Part 4)

ඔයාට මතකනෙ අපි ව්‍යාකරණ හැඳින්වීම පාඩමේදි Active voice වල කාල 12ක් ගැනත් ඒ කාල දොලහටම පාවිච්චි කරන එකම වාක්‍ය රටාව වෙන කර්තෘ+ක්‍රියාව+කර්මය ගැනත් ඉගෙනගත්තා. ඒ දැනුමත් එක්ක අපි පලවෙනි කාලය, The Simple Present Tense පටන්ගත්තා. අපි Simple Present Tense 01 කොටසෙදි තනි ක්‍රියාපදයක් තියන වාක්‍ය ඉගෙනගත්තා. ඉන්පස්සෙ Simple Present Tense 02 කොටෙසදි ක්‍රියාපද දෙකක් සහිත වාක්‍ය ඉගෙනගත්තා. Simple Present Tense 03 කොටසෙදි අපි නැත අර්ථයෙ වාක්‍ය හැදුවා.

මේ Simple Present Tense  වල අවසාන අදියරේදී, අපි දැන් ඉගෙන ගන්න හදන්නෙ සාමාන්‍ය ප්‍රශ්න අහන හැටි. ඒකියන්නෙ මෙන්න මෙහෙම....

  • යනවා - යනවද?
  • ලියනවා - ලියනවද?


සාමාන්‍ය ප්‍රශ්න ගොඩනැගීම


මේ පාඩමත් අපි අර කලින් විදියටම කර්තෘ දෙවර්ගයට වෙනවෙනම ඉගෙනගමු.

01. I සහ You ඇතුලුව සියලුම බහුවචන කර්තෘන් සඳහා


මතකනෙ. මේ වර්ගයේ කර්තෘන් කරන ක්‍රියා පද අපි බිහිවුණු අවස්ථාවෙන් (Stem එකෙන්) තිබ්බා...ඒ වගේම ඒවා උපකාරක Do එක්ක දෙවෙනි ක්‍රමයට ලිව්වා.

  • යනවා - do go
  • ලියනවා - do write

මෙතනදි ප්‍රශ්නයක් අහන්නෙ මෙන්න මෙහෙමයි...

  • ඔබ පාසල් යනවා
  • ඔබ යනවා පාසල්
  • You go to school
  • You do go to school

සාමාන්‍ය ප්‍රශ්නය හදනකොට දෙවෙනි ක්‍රමයට වාක්‍යය අරගෙන කර්තෘට මුලින් උපකාරක Do දාන එකයි කරන්නෙ.

  • ඔබ පාසල් යනවද?
  • Do you go to school?

මේ ප්‍රශ්නයම නැත අර්ථයෙන් අහනවනම් ඒ මෙහෙමයි. Do වෙනුවට Don't දාන්න. සරලයි නේද!

  • ඔබ පාසල් යන්නැද්ද?
  • Don't you go to school?

දැන් දෙවෙනි ක්‍රමය බලමු.

02. I සහ You හැර අනිත් ඒකවචන කර්තෘන් සඳහා


මතකනෙ අපි මේවර්ගයේ කර්තෘන් කරන ක්‍රියා වල අගට S ශබ්දයක් එකතු කළා. ඒවගේම උපකාරක Does එක්ක දෙවෙනි ක්‍රමයට ලිව්වා.

  • යනවා - does go
  • ලියනවා - does write

මෙතනදි ප්‍රශ්නයක් අහන්නෙ මෙන්න මෙහෙමයි...

  • ඇය පාසල් යනවා
  • ඇය යනවා පාසල්
  • She goes to school
  • She does go to school

සාමාන්‍ය ප්‍රශ්නය හදනකොට දෙවෙනි ක්‍රමයට වාක්‍යය ලියාගෙන කර්තෘට මුලින් උපකාරක Does දාන එකයි කරන්නෙ.

  • ඇය පාසල් යනවද?
  • Does she go to school?

මේ ප්‍රශ්නයම නැත අර්ථයෙන් අහනවනම් ඒ මෙහෙමයි. Does වෙනුවට Doesn't දාන්න. සරලයි නේද!

  • ඇය පාසල් යන්නැද්ද?
  • Doesn't she go to school?


සාරාංශය


Do/Don't/Does/Doesn't + කර්තෘ + ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය


ප්‍රශ්නවාචී පද භාවිතා කර ප්‍රශ්න ගොඩනැගීම


 මේ අවසාන කොටසෙන් අපි ඉගෙනගන්නෙ ප්‍රශ්නවාචී පද භාවිතා කරල ප්‍රශ්න හදන හැටි. ප්‍රශ්නවචී පද ලැයිස්තුව පහළින් බලන්නකො.

  1. who - කවුද?
  2. who else - වෙන කවුද?
  3. whose - කාගෙද?
  4. whose father - කාගෙ පියාද?
  5. whose book - කාගෙ පොතද?
  6. whom - කාවද?
  7. from whom - කාගෙන්ද?
  8. to whom - කාටද?
  9. by whom - කවුරු විසින්ද?
  10. at whom - කවුරු දෙසද?
  11. for whom - කා සඳහාද
  12. with whom - කා සමගද?
  13. through whom - කවුරු මාර්ගයෙන්ද?
  14. how - කොහොමද?
  15. how many - කොපමණ සංඛ්‍යාවක්ද? (ගණන් කළ හැකි දෙවල්)
  16. how much - කොපමණ ප්‍රමාණයක්ද? (ගණන් කළ නොහැකි දේවල්)
  17. how far - කොපමණ ඇතද?
  18. how long - කොපමණ දිගද?
  19. how often - කොපමණ කාලයකට වතාවක්ද?
  20. how many time - කොපමණ වාර ගණනක්ද?
  21. where -කොහෙද?
  22. from where - කොහේ සිටද?
  23. to where - කොහේටද?
  24. from where to where - කොහේ සිට කොහෙටද?
  25. where about - කොයි හරියේද?
  26. where else - වෙන කොහෙද?
  27. what - මොකක්ද?/මොනවද?
  28. for what (what for) - කුමක් සඳහාද?
  29. what about - කුමක් ගැනද?
  30. what else - වෙන මොනවද? වෙන මොකක්ද?
  31. which - කොයි?
  32. which one - කොයි එකද?
  33. which person - කොයි පුද්ගලයාද?
  34. which certificate - කොයි සහතිකයද?
  35. which direction - කොයි දිහාවටද?
  36. when - කවදාද?
  37. since when - කවදා සිටද?
  38. until when/till when - කවදා වනතුරුද?
  39. by when - කවදා වන විටද?
  40. at what time - කොයි වෙලාවටද?
  41. with what - මොකකින්ද?
  42. with what hand - මොන අතින්ද?
  43. why - ඇයි?

01. I සහ You ඇතුලුව සියලුම බහුවචන කර්තෘන් සඳහා

ඔයාට මතකයිනෙ කලින් පාඩමේදි....සාමාන්‍ය ප්‍රශ්නය හදනකොට දෙවෙනි ක්‍රමයට වාක්‍යය ලියාගෙන කර්තෘට මුලින් උපකාරක Do දාන එකයි කරන්නෙ.


  • ඔබ පාසල් යනවද?
  • Do you go to school?
මේ ප්‍රශ්නයම නැත අර්ථයෙන් අහනවනම් ඒ මෙහෙමයි. Do වෙනුවට Don't දාන්න. සරලයි නේද!

  • ඔබ පාසල් යන්නැද්ද?
  • Don't you go to school?
ඉතින් දැන් කරන්න තියෙන්නෙ අර ප්‍රශ්නවාචී පදය මේ වාක්‍යෙය් මුලින් යොදන එක විතරමයි. මේ බලන්නකෝ...

  • කාත් එක්කද ඔබ පාසල් යන්නෙ?
  • With whom do you go to school?

  • කොයි වෙලාවටද ඔබ පාසල් යන්නෙ?
  • At what time do you go to school?

    • මොන දවස් වලද ඔබ පාසල් යන්නෙ?
    • On what days do you go to school?

    • ඔබ කොහෙද යන්නෙ?
    • Where do you go?

    • කොහෙ ඉඳලද ඔබ පාසල් යන්නෙ?
    • From where do you go to school?

        ඉතින් නැතාර්ථයේ ප්‍රශ්න හදනවානම් කරන්න තියෙන්නෙ Do වෙනුවට don't දාන එක.

        • ඔබ පාසල් යන්නෙ නැහැ.
        • You don't go to school.
        • ඔබ පාසල් යන්නෙ නැද්ද?
        • Don't you go to school?
        • ඇයි ඔබ පාසල් යන්නෙ නැත්තෙ?
        • Why don't you go to school?

        දැන් දෙවෙනි ක්‍රමය බලමු.

        02. I සහ You හැර අනිත් ඒකවචන කර්තෘන් සඳහා

        ඔයාට මතකයිනෙ කලින් පාඩමේදි....සාමාන්‍ය ප්‍රශ්නය හදනකොට දෙවෙනි ක්‍රමයට වාක්‍යය ලියාගෙන කර්තෘට මුලින් උපකාරක Does දාන එකයි කරන්නෙ.


        • ඇය පාසල් යනවද?
        • Does she go to school?
        මේ ප්‍රශ්නයම නැත අර්ථයෙන් අහනවනම් ඒ මෙහෙමයි. Does වෙනුවට Doesn't දාන්න.

        • ඇය පාසල් යන්නැද්ද?
        • Doesn't she go to school?
        ඉතින් දැන් කරන්න තියෙන්නෙ අර ප්‍රශ්නවාචී පදය මේ වාක්‍යෙය් මුලින් යොදන එක විතරමයි. මේ බලන්නකෝ...

        • කාත් එක්කද ඇය පාසල් යන්නෙ?
        • With whom does she go to school?

        • කොයි වෙලාවටද ඇය පාසල් යන්නෙ?
        • At what time does she go to school?

          • මොන දවස් වලද ඇය පාසල් යන්නෙ?
          • On what days does she go to school?

          • ඇය කොහෙද යන්නෙ?
          • Where does she go?
          • කොහෙ ඉඳලද ඇය පාසල් යන්නෙ?
          • From where does she go to school?
              ඉතින් නැතාර්ථයේ ප්‍රශ්න හදනවානම් කරන්න තියෙන්නෙ Do වෙනුවට don't දාන එක.

              • ඇය පාසල් යන්නෙ නැහැ.
              • She doesn't go to school.
              • ඇය පාසල් යන්නෙ නැද්ද?
              • Doesn't she go to school?
              • ඇයි ඇය පාසල් යන්නෙ නැත්තෙ?
              • Why doesn't she go to school?

              මේ උදාහරණ ටිකත් බලන්න.

              • කොයි වෙලාවටද එයාලා මෙහෙ එන්නෙ?
              • කොයි වෙලාවටද do එයාලා එන්නෙ මෙහෙ?
              • At what time do they come here?
              • ඇයි ඔයා මට උදව් කරන්නෙ නැත්තෙ?
              • ඇයි don't ඔයා උදව් කරන්නැත්තෙ මට?
              • Why don't you help me?
              • කවදද ඇය මෙහෙ එන්නෙ ? 
              • කවදද does ඇය එන්නෙ මෙහෙ?
              • When does she come here?
              • ඇයි ඔහු කැමති නැත්තෙ රට යන්න?
              • ඇයි doesn't ඔහු කැමති නැත්තෙ යන්න රට?
              • Why doesn't he like to go abroad?

              සාරාංශය

              ප්‍රශ්නවාචී පදය + Do/Don't/Does/Doesn't + කර්තෘ +ක්‍රියාපදයේ මූලික අවස්ථාව + කර්මය

              No comments