Recent comments

අලුත්ම ලිපි 🡲

PHP 03 - විචල්‍යයන් (Variables) භාවිතා කරමු

Programming වලදී අපි Variables නැත්නම් විචල්‍යයන් අපි භාවිතා කරන්නේ යම් කිසි අගයක් තාවකාලිකව ගබඩා කර තැබීම සඳහායි. මෙවැනි Variable එකක් එක් වරක් Declare කිරීමෙන් පසුව නැවත නැවතත් භාවිතයට ගතහැකි බව ඔබ දන්නවා ඇති.

වෙනත් Programming Languages වලට වඩා PHP Variables ඉතා සරලයි. කොටින්ම කියතොත් ඔබ එය භාවිතා කිරීමට පෙර අමුතුවෙන් වෙනම Data Type එකක් සහිතව Declare කළ යුතු නැහැ. PHP විසින්ම ඔබ වෙනුවෙන් අදාල Variable එකේ data type එක එහි ගබඩා කරන දත්තයන්ට අදාල පරිදි ඉබේම සකසා ගන්නවා.

විචල්‍යයක් declare කිරීමේ නිවැරදි පිළිවෙල මෙසේයි.

$Variable_Name=Value;

ඔබට පෙනෙනවා ඇති Variable එකේ නම ආරම්භ වන්නේ $ සලකුණකින්. ගොඩක් වෙලාවට අපිට මගහැරෙන තැනක් ඒ. ඒ නිසා Variable එකක් හඳුන්වාදෙනකොට එහි නමට කලින් $ සලකුණ තැබීම අනිවාර්ය බව මතක තියාගන්න.

$ සලකුණෙන් පස්සේ තියෙන්නෙ ඔබ විසින් Variable එකට ලබාදෙන නම. මේ නම ලබා දෙනකොට මේ ගැනත් හිතන්න ඕන.

- Variable එකක නමක් අනිවාර්යයෙන්ම අකුරකින් හෝ _ සලකුණෙන් ආරම්භ විය යුතුයි.
- Variable එකක නමක් තුළ තිබිය හැක්කේ A-Z,a-z,0-9 සහ _ සලකුණු පමණයි.
- Variable එකක නමක් තුළ හිස් තැන් (Spaces) නොතැබිය යුතුයි. වචන දෙකක් හෝ වැඩි ගණනක් ඇති නමක් නම් එක්කෝ Underscore මගින් සම්බන්ධ කළ යුතුයි. නැත්නම් දෙවැනි වචනයේ අකුර Capital වන සේ ලිවිය යුතුයි. ($my_Variable හෝ $myVariable වශයෙන්)

දැන් අපි උදාහරණයක් ගෙන බලමු.


ඉහත කේත සටහන දෙස හොඳින් බලන්න.

මෙම PHP කේතයද ඇතුළත් කර ඇත්තේ HTML පිටුවේ BODY ටැග් එක තුළයි.

මෙහි පළමුවෙන්ම $X නැමැති විචල්‍යයක් හඳුන්වාදී එයට 4 අගයත්, $Y නැමැති විචල්‍යයක් හඳුන්වාදී එයට 5 අගයත් ලබාදී තිබෙනවා. ඉන් පසුව එම විචල්‍යයන් දෙකෙහි එකතුව $Z නැමැති විචල්‍යයට ලබාදී තිබෙනවා.
අවසානයේදී Print විධානය හරහා $Z විචල්‍යය බ්‍රව්සරයේ පෙන්වීමට සලස්වා තිබෙනවා.

දැන් මේ කේත සටහනත් Save කර ඔබේ බ්‍රව්සරය හරහා ධාවනය කර බලන්න. $X+$Y හි පිළිතුර (4+5) වන 9 ඔබේ වෙබ් පිටුව තුළ දර්ශනය වේවි.


මේ තමයි විචල්‍යයන් පිළිබඳව ඔබ දැනගතයුතු මූලික සංකල්ප ටික. තව ටිකක් හිතලා සංකීර්ණ උදාහරණ අරගෙන තනියම Practice කරලා බලන්න. එකතු කිරීම විතරක් නෙවෙයි, අඩුකිරීම්, වැඩිකිරීම්, බෙදීම් වගේ දේවලුත් එකතු කරගෙන බලන්න. මේ ගැන අපි 5 වැනි පාඩමේදී වැඩිදුර ඉගෙනගන්නවා. ඊට කලින් 4 වැනි පාඩමෙන් අපි String Variables ගැන ඉගෙනගනිමු.

ඔබ මේ ලිපියෙන් යමක් ඉගෙනගත්තානම් Comment එකකින් මා දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි!

No comments