Recent comments

අලුත්ම ලිපි 🡲

English #04 පාඩම - The Simple Present Tense (Part 3)

ඔයාට මතකනෙ අපි හැඳින්වීම පාඩමේදි Active voice වල කාල 12ක් ගැනත් ඒ කාල දොලහටම පාවිච්චි කරන එකම වාක්‍ය රටාව වෙන කර්තෘ+ක්‍රියාව+කර්මය ගැනත් ඉගෙනගත්තා. ඒ දැනුමත් එක්ක අපි පලවෙනි කාලය, The Simple Present Tense පටන්ගත්තා.

අපි Simple Present Tense 01 කොටසෙදි තනි ක්‍රියාපදයක් තියන වාක්‍ය ඉගෙනගත්තා.
ඉන්පස්සෙ Simple Present Tense 02 කොටෙසදි ක්‍රියාපද දෙකක් සහිත වාක්‍ය ඉගෙනගත්තා.

දැන් අපි ඉගෙනගන්න යන්නෙ කොහොමද “නැත අර්ථයේ වාක්‍ය“ හදන්නෙ කියලයි. ඒ කිව්වෙ, දැන් ඔයා ඉස්සෙල්ලා පාඩමේදි කීවනේ ඔයා ගෙදර යනවා කියලා. අද අපි ඉගෙනගන්නෙ ඔයා ගෙදර යන්නෙ නැහැ කියල කියන්නයි. නැත අර්ථයේ වාක්‍ය ලියන්න, කතා කරන්නයි. මෙන්න මේවගේ දේවල් කියන්නයි....

  • යනවා - යන්නෙ නැහැ
  • එනවා - එන්නෙ නැහැ


මුලින්ම බලමු තනි ක්‍රියාපදයක් තියෙන වාක්‍යයක් නැත අර්ථයට හරවන හැටි.



ඔයාට මතකද අපි කලින් කතා කළා කර්තෘන් දෙවර්ගයක් ගැන. අපි මේ පාඩමත් ඒ දෙගොල්ලන්ට අනුව දෙකට බෙදල ඉගෙනගමු.

01. I සහ You ඇතුලුව සියලුම බහුවචන කර්තෘන් සඳහා


අපි මේ වර්ගයට අයිති අය කරන ක්‍රියාපද මූලික අවස්ථාවෙන්ම තිබ්බා (“නවා“). අපි එහෙම ලියපු හැම   මූලික අවස්ථාවක්ම අපිට තවත් ක්‍රමයකට ලියන්න පුලුවන්. ඒ උපකාරක do එක්ක. ඒ මෙහෙමයි.

  • යනවා - go = do go
  • එනවා - come = do come

අපි පොඩි වාක්‍යයක් අරගෙන බලමුකො තවත් පැහැදිලි වෙන්න.

  • මම පන්සල් යනවා
  • මම යනවා පන්සල්
  • I go to temple
  • I do go to temple

වැඩේ අල්ලගත්ත නේද....ඉතින් මේ වාක්‍යයේ නැත අර්ථය, ඒ කියන්නෙ “මම පන්සල් යන්නෙ නැහැ“ කියන්න කරන්න තියෙන්නෙ ඔය doට පස්සෙ not දාන එක විතරමයි. තේරුණා නේද? මේ බලන්න.

  • මම පන්සල් යන්නෙ නැහැ
  • මම යන්නෙ නැහැ පන්සල්
  • I do not go to temple

ඕක මෙහෙමත් කියන්න පුලුවන්. මේ දෙවැනි ක්‍රමය...

  • I don't go to temple

ඔතනදි මේ දෙවෙනි ක්‍රමය සාමාන්‍යයෙන් “මම පන්සල් යන්නෑ“ කියන්න යොදාගන්නවා. පළවෙනි ක්‍රමය යොදාගන්න පුලුවන් අවධාරණයෙන් කියනකොට. “මම පන්සල් යන්නෙ නෑ“....යන්නෙ නෑම තමයි.

DO දැම්මෙ ඔන්න I, You ඇතුලුව බහුවචන කර්තෘන්ට...දැන් දෙවෙනි කොටස....


02 . I සහ You හැර සියලුම ඒකවචන කර්තෘන් සඳහා

ඔයාට මතකද අපි කලින් පාඩමේදි මේ වර්ගයේ කර්තෘන් කරන ක්‍රියාපද අගට S ශබ්දයක් එකතු කළා...අන්න එහෙම ලියපු s ශබ්දය දාපු ක්‍රියාපද අපිට උපකාරක Does එක්ක ලියන්න පුලුවන් මෙන්න මෙහෙම.

  • යනවා - goes = does go (ඩස් ගෝ)
  • එනවා - comes = does come (ඩස් කම්)

ඔයාට පේනවද? අපි s ශබ්දය දාලා තිබුණ ඒකවචන ක්‍රියාපදය does එක්ක ලියනකොට එයාගෙ අගට තිබුණ S ශබ්දය නැතිව තමයි ලියන්නෙ. එයාගෙ s ශබ්දය does අරගෙන! හ්ම්.....හොඳට මතක තියාගන්න මේ පුංචි තැන ගොඩක් අපිට වරදිනවා කතා කරනකොට ලියනකොට. Does goes කිව්වොත් වැරදී හොඳේ...Does go තමයි හරි....

අපි පොඩි වාක්‍යයක් අරගෙන බලමුකො තවත් පැහැදිලි වෙන්න.

  • ඇය පන්සල් යනවා
  • ඇය යනවා පන්සල්
  • She goes to temple
  • She does go to temple


වැඩේ අල්ලගත්ත නේද....ඉතින් මේ වාක්‍යයේ නැත අර්ථය, ඒ කියන්නෙ “ඇය පන්සල් යන්නෙ නැහැ“ කියන්න කරන්න තියෙන්නෙ ඔය does මල්ලිට පස්සෙ not දාන එක විතරමයි. තේරුණා නේද? මේ බලන්නකෝ.

  • ඇය පන්සල් යන්නෙ නැහැ
  • ඇය යන්නෙ නැහැ පන්සල්
  • She does not go to temple

ඕක මෙහෙමත් කියන්න පුලුවන්. මේ දෙවැනි ක්‍රමය...

  • She doesn't go to temple

ඔතනදි මේ දෙවෙනි ක්‍රමය සාමාන්‍යයෙන් “ඇය පන්සල් යන්නෑ“ කියන්න යොදාගන්නවා. පළවෙනි ක්‍රමය යොදාගන්න පුලුවන් අවධාරණයෙන් කියනකොට. “ඇය පන්සල් යන්නෙ නෑ“....යන්නෙ නෑමයි .

DOES දැම්මෙ I, You හැර අනිත් ඒකවචන කර්තෘන්ට..

අවධාරණයෙන්, එහෙමත් නැත්නම් තරහින් වගේ කියනකොට....නැත්නම් “එන්නකෝ“.....කියනකොට Do/does යොදන්න පුලුවන් ක්‍රියාවට කලින් මේවිදියට බලනකොට නේද! එන්නකෝ...Do come....

තවත් එකම එකදෙයක්......

අර අපි ඉගෙනගත්තු කාලය අඟවන පද මතකද? අපි කර්තෘ සහ ක්‍රියාව අතරට යොදපු "නිතරම, බොහෝවිට, සාමාන්‍යයෙන්, සිරිත්පරිදි, කලාතුරකින්" වගේ පද ටික මේ නැත අර්ථයේ වාක්‍ය වලදී Don't හෝ doesn't ට පස්සෙ තමයි අපි යොදන්නේ. තේරුණා නේද....I don't usually eat beef......මම සාමාන්‍යයෙන් හරක් මස් කන්නෙ නැහැ......එච්චරයි.......


සාරාංශය



කර්තෘ + Don't/Doesn't + ක්‍රියාපදයේ මූලික අවස්ථාව +කර්මය



ක්‍රියාපද දෙකක් තියෙන වාක්‍යයක් නැත අර්ථයට හරවන හැටිත් බලමු


ක්‍රියාපද දෙකක් තියෙන වෙලාවටත් කරන්න තියෙන්නෙ පළමු ක්‍රියාව Do/Does එක්ක ලියලා ඉන්පස්සෙ not දාන එකයි. එච්චරයි. වාක්‍ය දෙකක් අරගෙන බලමු කර්තෘ වර්ග දෙකම අහුවෙන්න.

මේ I සහ You ඇතුලුව සියලුම බහුවචන කර්තෘන් සඳහා.....


  • මම ඉංග්‍රීසි ඉගෙනගන්න මෙහෙ එනවා
  • මම එනව මෙහෙ to ඉගෙනගන්න ඉංග්‍රීසි .
  • I come here to learn English.
  • I do come here to learn English.

නැත අර්ථය ගන්න do ට පස්සෙ not දාන්න.

  • I do not come here to learn English.
  • I don't come here to learn English.

මේ I සහ You හැර අනිත් ඒකවචන කර්තෘන් සඳහා

  • ඇය රට යන්න කැමතියි
  • ඇය කැමතියි to යන්න රට .
  • She likes to go abroad.
  • She does like to go abroad.

නැත අර්ථය ගන්න does ට පස්සෙ not දාන්න.

  • She does not like to go abroad.
  • She doesn't like to go abroad.

No comments