Recent comments

අලුත්ම ලිපි 🡲

PHP 02 - PHP වලින් වැඩ අරඹමු


ඇයි අපි PHP භාවිතා කරන්නෙ, කොහොමද ඒ සඳහා අවශ්‍ය පරිසරය සකසාගන්නේ කියලා දැන් ඔබ දන්නවා. මේ පාඩමේ අරමුණ එතනින් ටිකක් ඉදිරියට ගිහින් PHP කේත සටහනක් ලියන විදිය හඳුනාගැනීමයි.

හොඳින් මතක තියාගන්න. PHP Script එකක් අපි ලියන්න පටන්ගන්නේ <?php වලින්. අවසන් කරන්නේ ?> වලින්. ඒ කියන්නෙ මෙන්න මෙහෙම. (කෝඩ් එක නොදා Screen Shots දාන්නේ කෝඩ් එක ඔයාම තනියම ටයිප් කරන එක වැදගත් නිසයි).








අපි පුංචි උදාහරණයක් ගනිමු.

පහතින් තියෙන වෙබ් පිටුවෙන් කෙරෙන්නේ Hi! This is my first PHP code. කියන වාක්‍යය බ්‍රව්සර් එකේ පෙන්වන එකයි. මේ කෙත්ය දිහා හොඳින් බලන්න.


මේ උදාහරණයේදී ඔබට පේනවා PHP කේතය ඇතුළත් කර ඇත්තේ HTML පිටුවේ BODY එකෙහි බව. Echo කියන්නේ යම් දෙයක් බ්‍රව්සරයෙහි පෙන්වීම සඳහා භාවිතා කරන PHP කේතයක්. (Print ද යොදාගත හැකියි).

PHP කේත සටහනක තියෙන හැම කේත පේළියක්ම තිත් කොමා (Semi Colon/ ;) එකකින් අවසන් කළ යුතුයි. මේ සෙමිකොලන් එකෙන් තමයි එක් කේත පේළියක් අවසන් වී අලුත් කේත පෙළක් ඇරඹෙන බව පරිගණකය දැනගන්නේ.

දැන් අපි මේ කේතය සහිත වෙබ් පිටුව ධාවනය කර බලමු.

මුලින්ම Notepad++ හි File මෙනුවෙන් Save As යන්න. ඉන්පසු එහි File Name එක ලෙස FirstPage (හෝ වෙනත් නමක්) ලබා දෙන්න.   Save as Type එක ලෙස PHP තෝරාදෙන්න. මෙම පිටුව වෙබ් බ්‍රව්සරය තුළ ධාවනය කරවීමට නම් ඔබ මෙය Xampp ෆෝල්ඩරය තුළ ඇති Htdocs නැමැති Folder එක තුළ save කළ යුතුයි. මින් කෙරෙන කාර්යය ඔබට වඩාත් පැහැදිලි වීම සඳහා C:\Xampp\Htdocs තුළ Examples නමින් ෆෝල්ඩර් එකක් නිර්මාණය කර එය තුළ ඔබේ PHP Files save කරන්න.



දැන් ඔබේ PHP පිටුව  C:\Xampp\Htdocs\Examples\FirstPage.php යන තැන Save වී තිබෙනු ඇති.

දැන් ඔබ පළමුවැනි පාඩමේදී ඉගෙනගත් පරිදි ඔබේ Apache Server එක (සහ MySQL) C:\Xampp ෆෝල්ඩරය තුළ ඇති Xampp Control Panel එක හරහා Start කරගන්න.

සියල්ල සූදානම්!

දැන් ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රව්සරය Open කර එහි Address එක ලෙස ඔබේ වෙබ් සර්වර් එක තුළ Save කළ PHP පිටුවේ ලිපිනය පහත පරිදි ඇතුළත් කර Enter කරන්න.


ඔබ PHP කේතය තුළ ලියූ වැකිය දැන් ඔබේ Web පිටුව තුළ දර්ශනය වනු ඇති.

මේ ගමන්ම තවත් පුංචි දෙයක් කියා දෙන්නම්. ඒ PHP Comments ගැනයි.

PHP Comments භාවිතා කිරීම

Comments අපි භාවිතා කරන්නේ කේත සටහනක් විස්තර කිරීම සඳහා වැනි අවශ්‍යතාවයන්ටයි. තනි වදන් පෙළක් පමණක් ඇති කමෙන්ට්ස් සඳහා // සලකුණු දෙකෙන් පසුව අදාල වැකිය type කළ හැකියි. පේළි කීපයකින් යුත් කමෙන්ටුවක් නම් /* න් ඇරඹී */ න් අවසන් කළ යුතුයි.



ඔබ මෙසේ කමෙන්ටු ලෙස ඇතුළත් කරන වචන හෝ වාක්‍යයන්, PHP පිටුව ධාවනයේදී නොසලකා හරිනවා. ඒවා ඇත්තේ ඔබේ දැනගැනීම සඳහා පමණයි.

උදාහරණ ලෙස මෙහි Echo යන කේත පෙළෙන් සිදුවන කාර්යය ඔබට පසු ප්‍රයෝජනය සඳහා හෝ දැනගැනීම සඳහා කේත සටහන තුළම ලියා තැබිය යුතුනම් ඒ සඳහා කමෙන්ටුවක් භාවිතා කළ හැකියි.


පැහැදිලියි නේද?

දෙවැනි පාඩමෙන් ඔබ ඉගෙනගත්තේ මූලික PHP කේත සටහනක ආකෘතිය, සරල කේත සටහනක් ලියා ධාවනය කරන ආකාරය සහ PHP Comments පිළිබඳවයි.

මීළඟ පාඩම ඔබට ඉතා රසවත් වනු නිසැකයි. ඒ PHP Variables ගැනයි.
නැවත හමුවෙමු!

ඔබ මේ ලිපියෙන් යමක් ඉගෙනගත්තානම් Comment එකකින් මා දිරිමත් කරන්නත් අමතක කරන්න එපා.ස්තුතියි!

10 comments:

  1. නියමයි කිනිත්...
    දිගටම කරගෙන යන්න. මේක ලොකු සමාජ මෙහෙවරක්. අපිට හුඟක් දේවල් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න වෙන්නේ දැනුම අපේ බසින් සුලභ නොවන නිසයි. නමුත් දැනුම අපේ බසට හැරවීමට හැකිනම් එය බොහෝ දෙනාගේ පහසුවට හේතුවක්. ඉංග්‍රීසියෙන් ඉගෙනීමට සිදුවීම වරදක් නෙමේ. නමුත් භාෂා ගටලුව නිසා කොපමන දක්ෂයින් පිරිසකට ඉගෙනීම අසාර්ථක වන්නට ඇතිද? ඇත්තටම ඔබේ මෙහෙය අගය කරනවා. දිගටම කරගෙන යන්න. සුභ පැතුම්.!!!

    ReplyDelete
  2. @Anonymousමේ වචන ටික ලොකු ශක්තියක්! බොහොම ස්තුතියි!

    ReplyDelete
  3. ado fattaz bnz..digatama karan palayan...

    ReplyDelete
  4. thanks friend........

    ReplyDelete
  5. පට්ටම සුපිරි ලිපියක් !! :D

    ගොඩාක් ස්තුතියි , මේ වගේ ඒවා කියල දෙනවට !! :D

    ReplyDelete
  6. ගොඩක් වැදගත් දිගටම කරගෙන යන්න

    ReplyDelete