Recent comments

අලුත්ම ලිපි 🡲

සිංහල ටියුටෝරියල් බ්ලොග් IP Chat v1.0 - සිංහල අතුරු මුහුණතක් සහිත අපේ IM එක!!!

මේ සිංහල ටියුටෝරියල් බ්ලොග් වෙතින් නිර්මාණය කර ඔබට නොමිලේම ලබාදෙන පළමු මෘදුකාංගයයි. මුලින්ම මම මේගැන පුංචි හැඳින්වීමක් කරන්නම්.



ඔබ Instant Messaging නැත්නම්, IM වැඩසටහන් කොතෙකුත් භාවිතා කර ඇති. එහිදී ඔබ පළමුවෙන්ම ගිණුමක් සාදාගෙන, ඉන්පසුව එම ගිණුම හරහා ලොග්වී එසේ ලොග් වී ඉන්නා තවත් මිතුරන් සමග චැට් කිරීම තමයි සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. ඒවා බොහෝවිට ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුණු අතුරුමුහුණත් සහිත වැඩසටහන්.

මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා ආකර්ෂණීය සිංහල අතුරුමුහුණතක් සහිත, ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි, කිසිදු වෙබ් අඩවියක ගිණුම් සැකසීමක් නොකරම, ඉතා ආරක්ෂිතව ඔබට ඔබේ මිතුරන් සමග චැට් කළ හැකි ලංකාවේ අපිටම සැකසෙන IM වැඩසටහනක පළමු සංස්කරණයයි.


භාගත කරන්න



මෙම වැඩසටහන ඔබට මෙතැනින් භාගත කරගන්න පුලුවනි. ඉන්පස්සෙ මොකද කරන්නෙ කියලා මම දැන් කියන්නම්.

එහිදී ඔබෙන් භාගතකිරීම Authorize කිරීමට විමසනවානම්, එහි සඳහන් වචන දෙක ටයිප් කර Authorize Download මත ක්ලික් කරන්න.



ඉන්පසු ලැබෙන Download මත ක්ලික් කර ඔබට මෙම ගොනුව භාගත කළ හැකියි.






ස්ථාපනය කිරීම


ඔබ විසින් ඉහත ගොනුව භාගත කිරීමෙන් පසුව එය සාමාන්‍ය ZIP FILE එකක් ආකාරයටම Right Click මෙනුවෙන් EXTRACT කරගන්න. ඉන්පසු ලැබෙන නව FOLDER එකෙහි ඇති PreIntallation නැමැති FOLDER එක තුළ ඇති මෘදුකාංගය සහ ෆොන්ට් එක සාමාන්‍ය ආකාරයට ස්ථාපනය කරගන්න.


දැන් ඔබේ පරිගණකය අපේ IP Chat v1.0 මෘදුකාංගය ධාවනය සඳහා සූදානම්. ඔබට මෙම Sinhala Tutorial Blogs IP Chat v1.0 නැමැති Folder එක ඔබේ පරිගණකයේ ඕනෑම තැනක සිට ධාවනය කළ හැකියි (Portable) ඉහත මෘදුකාංගය සහ ෆොන්ට් එක ස්ථාපනය කර ඇත්නම්.

දැන් Sinhala Tutorial Blogs IP Chat v1.0 ෆේල්ඩර් එක තුළ ඇති තැඹිලි පැහැ අයිකනය මත Double Click කරන්න.



මෙම සංවාද කොටුවේ ඇති Allow Access මත ක්ලික් කරන්න. ඉන්පසු ඔබේ චැට් වැඩසටහනේ ප්‍රධාන වින්ඩෝව ඔබට දිස්වනු ඇති.

සැලකිය යුතුයි - මෙය Portable වැඩසටහනක් බැවින් Avast මෘදුකාංගය ඔබට Sand Box එකෙන් මෙය විවෘත කරන්න යැයි යෝජනා කරනු ඇති. එවිට එහි Terminate මත ක්ලික් කර, Open In SandBox වෙනුවට Open Normally තෝරා වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන්න.

ප්‍රධාන අතුරුමුහුණත


මෙහි ප්‍රධාන අතරුමුහුණත ඔපට මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2007න් හඳුන්වාදුන් Ribbon එකට සමාන අංගයකින් සහ ඉතා පහසුවෙන් හුරුවිය හැකි සරල අතුරුමුහුණත් සැකසුමකින් යුක්තයි.



මෙහි රිබන් කොටස තුළ ඇති සම්බන්ධතා ගෘප් එක සහ සැකසුම් ගෘප් එක තුළ වැඩසටහනට අදාල විධාන ඇතුළත් කොට තිබෙනවා. (ඇමතුම් ගෘප් එක මෙම පළමු පිටපතේදී සක්‍රිය කොට නැත).



රිබන් එකට පහළින් ඇත්තේ පණිවුඩ සටහන් වන කොටසයි. මෙහි මිතුරෝ යටතේ ඔබ සමග සම්බන්ධ වී සිටින මිතුරු ලැයිස්තුවද, සංවාද ඉතිහාසය කොටසින් Chat History එකද, පණිවුඩය සටහන් කරන්න කොටසින් ඔබේ පණිවුඩය ඇතුළත් කිරීමට සහ යැවීමට අවශ්‍ය පහසුකම්ද සලසා තිබෙනවා.



රිබන් එකෙහි සැකසුම් ගෘප් එකෙහි පළමු අයිකනය මත ක්ලික් කිරීමෙන් ඔබට ඔබේ නම දර්ශනය විය යුතු ආකාරය සහ ඔබ භාවිතා කරන පෝට් එක තෝරාදිය හැකියි. (පෝට් එක වෙනස්කිරීම අත්‍යව්‍ශ්‍ය නොවේ.



නව සම්බන්ධතාවයක් ඇරඹීම



නව සම්බන්ධතාවයක් ඇරඹීම සඳහා සම්බන්ධතා ගෘප් එක තුළින් පළමු අයිකනය තෝරන්න.

ඉන්පසුව ලැබෙන වින්ඩෝවේ ඔබට සම්බන්ධවීමට අවශ්‍ය පරිගණකයේ IP Address එක ඔබේ මිතුරාගෙන් ලබාගෙන ඇතුළත් කරන්න. ඔහු භාවිතා කරන පෝට් එකද (ඉහත සැකසුම් වින්ඩෝවේ ඇති) ඉන්පසුව ඇතුළත් කර හරි මත ක්ලික් කරන්න.


දැන් ඔබ සම්බන්ධවූ මිතුරාගේ නම මිතුරෝ කොටසෙහි පෙන්වනු ඇති. (මේ ආකාරයට ඔබට එකවර මිතුරන් දෙදෙනෙකු සමග දක්වා සාර්ථකව චැට් කළ හැකියි)



පණිවුඩ යැවීම සඳහා පණිවුඩය යැවීමට අවශ්‍ය මිතුරා මත ක්ලික් කර පහත කොටුවේ පණිවුඩය සටහන් කර Enter කරන්න. නැතහොත් යවන්න මත ක්ලික් කරන්න. සම්බන්ධව සිටින සියලුම මිතුරන්ට එකවර පණිවුඩය යැවීම සඳහා සැමට යවන්න මත ක්ලික් කරන්න. (මෙම පිටපතෙහි ඉමොටිකන සක්‍රිය කර නැත).



යැවූ පණිවුඩය ඔබේ මිතුරාට පෙනෙනු ඇති.



මිතුරන් එවනුලබන පණිවුඩද ඔබේ තිරයේ දිස්වනු ඇති.




සම්බන්ධතාවයක් විසන්ධි කිරීම සඳහාද ඔබට විසන්ධි කළ යුතු මිතුරා තෝරා සම්බන්ධතා ගෘප් එකෙන් දෙවැනි අයිකනය මත ක්ලික් කළ හැකියි.

මෙම වැඩසටහන;


- පරිගණකයේ ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැත. ඕනෑම තැනක සිට ධාවනය කළ හැක (Portable).
- ඔබේ පරිගණකයෙන් වැය වන්නේ 5.9MB තරම් කුඩා ඉඩ ප්‍රමාණයකි.
- නොමිලේ භාවිතා කළ හැකි අතර නිදහස් කේත සටහන් ඇසුරින් සංවර්ධනය කර ඇත.
- ගිණුම් සැකසීමක්, මුරපද මතක තබාගැනීමක්, ලොග්-ඉන් වීමක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එකිනෙකාගේ IP Address එක පමණි.
- ඔබේ චැට් ඉතිහාසය කොතැනකවත් Save වන්නේ නැත.

මේ පිළබඳව ඔබේ අදහස් යෝජනා කමෙන්ටු ලෙස සඳහන් කරන්න.

No comments