Recent comments

අලුත්ම ලිපි 🡲

English #07 පාඩම - The Simple Past Tense (Part 2)


අපි කලින් පාඩමේදී කතා කළා Simple Past Tense ගැන. තනි ක්‍රියාපදයේ, ක්‍රියාපද දෙකේ වාක්‍යයත් නැත අර්ථයේ වාක්‍යයත් ලියන හැටි ඉගෙනගත්තා. මේ කොටසින් අපි අතීත කාලයේ ප්‍රශ්න අහන හැටි ඉගෙනගමු. ඒ කියන්නෙ කවුරු හරි කරපු දේවල් ගැන ප්‍රශ්න කරන්න පුලුවන් වෙනවා ඔයාට මේ පාඩමෙන් පස්සෙ.

මේ කියන්න යන්නේ මේවගේ දේවල් අහන හැටි ගැනයි.

  • ගියා - ගියාද?
  • ආවා - ආවාද?

සාමාන්‍ය ප්‍රශ්න ගොඩ නැගීම


ඔයා දන්නවා අපිට අතීත කාල ක්‍රියාපද හැම එකක්ම උපකාරක did එක්ක ක්‍රියාපදයේ මූලික අවස්ථාවෙන්ම (Stem) ලියන්න පුලුවන් බව.

  • ගියා = went = did go
  • ආවා = came = did come

  • ඔයා ගිය සතියෙ ආවා.
  • ඔයා ආවා ගිය සතියෙ.
  • You came last week.
  • You did come last week.

ප්‍රශ්නය හදන්න did එක කර්තෘ ඉස්සරහට ගන්න.


ඔයා ගිය සතියෙ ආවාද?
ඔයා ආවාද ගියසතියෙ?
Did you come last week?

නැත අර්ථයෙ ප්‍රශ්නය හදන්න Did වෙනුවට didn't / did not දාන්න.

ඔයා ගියසතියෙ ආවෙ නැද්ද?
Didn't you come last week?

සාරාංශය
did/didn't + කර්තෘ ක්‍රියාපදයේ මූලික අවස්ථාව කර්මය


ප්‍රශ්නවාචී පද භාවිතා කර ප්‍රශ්න ගොඩනැගීම


මෙතනදි අපි ප්‍රශ්නවාචී පදය උඩින් හදාගත්තු සාමාන්‍ය ප්‍රශ්නයේ මුලට යොදනවා. එච්චරයි...මෙන්න මේ වගේ...

ඔයා එහෙ ගියා
ඔයා ගියා එහෙ
You went there
You did go there

ප්‍රශ්නය හදාගත්තෙ අපි did ඉස්සරහට අරගෙන.

Did you go there?

දැන් ප්‍රශ්නවාචී පද Did ඉදිරියෙන් තියන්න...එපමණයි....

  • කා සමගද ඔයා එහෙ ගියෙ?
  • With whom did you go there?

  • කොයි වෙලාවටද ඔයා එහෙ ගියෙ?
  • At what time did you go there?

  • මොන දවස් වලද ඔයා එහෙ ගියෙ?
  • On what days did you go there?

  • කොහෙද ඔයා ගියෙ?
  • Where did you go?

  • ඇයි ඔයා එහෙ ගියෙ?
  • Why did you go there?

  • කවදද ඔයා එහෙ ගියෙ?
  • When did you go there?

  • කොහොමද ඔයා එහෙ ගියෙ?
  • How did you go there?

නැත අර්ථයෙ ප්‍රශ්න අහන්න Did වෙනුවට Didn't පාවිච්චි කරන්න.
  • ඇයි ඔයා එහෙ ගියෙ නැත්තෙ?
  • Why didn't you go there?

සාරාංශය

ප්‍රශ්නවාචී පදය + did/didn't + කර්තෘ ක්‍රියාපදයේ මූලික අවස්ථාව කර්මය


No comments