Recent comments

අලුත්ම ලිපි 🡲

අමාරුයි කියලා හිතෙන වැඩ ලේසියෙන්ම කරගමු!

අද මම බලාපොරොත්තු වෙන්නේ අලුත්දෙයක් ගැන ඔබට කියාදෙන්නයි. මේ කියන්න යන දේ සාමාන්‍ය පරිගණක භාවිතාවේදී වගේම, විශේෂයෙන්ම පරිගණක ක්‍රමලේඛකරණයේ යෙදී සිටින ඔබට ලොකු අස්වැසිල්ලක් වනු නොඅනුමානයි.


ඇතැම් විටෙක ඔබ ලියන පරිගණක වැඩසටහනකින් ඔබට ඔබේ පරිගණකයේ සීඩී/ඩීවීඩි ඩ්‍රයිව් එක විවෘත කරගැනීමට අවශ්‍යනම් ඒසඳහා ඔබට කේත පේළි ගණනාවක් ලිවීමට සිදුවේවි. මෙවැනි දෙයක් එක කේත සටහනකින් කරගතහැකිනම්!!!

අනිවාර්යෙන්ම ඔබේ කාලයෙනුත්, ශ්‍රමයෙනුත් සෑහෙන කොටසක් ඉතිරිකර දීමට එය සමත් වේවි.

NirCmd.exe ඒ සඳහා හොඳ විසඳුමක්.


හැඳීන්වීම


NirCmd යනු Freeware ගණයේ ඉතා කුඩා command-line utility එකකි. එමගින් ඔබට කිසිදු user interface එකක් නොපෙන්වාම ප්‍රයෝජනවත් දේ බොහොමයක් කළ හැකියි. සරලවම, මෙම මූදුකාංගය ඔබේ Windows Directory (C:\Windows) එකට Copy කර ඉන්පසු  command-line එක තුළ පහත විධාන ටයිප් කර enter කිරීම පමණි ඔබ කළයුත්තේ. මේ පහතින් දක්වා ඇත්තේ මෙම වැඩසටහනෙන් ඉටුකරගතහැකි කාර්යයන් කීපයක්.

විධාන කීපයක්



CD ROM drive J: විවෘත කරන්න
nircmd.exe cdrom open j:
CD ROM drive Y: වසන්න
nircmd.exe cdrom close y:
ක්ලිප් බෝඩ් එකෙහි ඇති වචන ශබ්දනගා කීමට (Windows XP and Vista).
speak text ~$clipboard$
ශබ්දය ඒකක 2000කින් වැඩි කරන්න (65535 න්)
nircmd.exe changesysvolume 2000
ශබ්දය ඒකක 5000කින් අඩු කරන්න (65535 න්)
nircmd.exe changesysvolume 5000
ශබ්දය උපරිමයට සකසන්න
nircmd.exe setsysvolume 65535
ශබ්ද Mute කරන්න
nircmd.exe mutesysvolume 1
ශබ්දය Unmute කරන්න
nircmd.exe mutesysvolume 0
Mute සහ සාමාන්‍ය ශබ්ද මට්ටම අතරට ශබ්දය සකසන්න
nircmd.exe mutesysvolume 2
ශබ්දය Mute/Unmute කිරීම සඳහා ඩෙස්ක්ටොප් එක මත ෂෝට්කට් එකක් සාදන්න
nircmd.exe cmdshortcut "~$folder.desktop$" "Switch Volume" mutesysvolume 2
මොනිටරය Off කරන්න
nircmd.exe monitor off
 default screen saver එක පෙන්වන්න
nircmd.exe screensaver
පරිගණකය  'standby' කරන්න
nircmd.exe standby
log off කරන්න
nircmd.exe exitwin logoff
reboot කරන්නදැයි අසා, පිළිතුර 'Yes' නම්, පරිගණකය reboot කරන්න
nircmd.exe qboxcom "Do you want to reboot ?" "question" exitwin reboot
පරිගණකය Turn off කරන්න
nircmd.exe exitwin poweroff
computers.txt නැමැති ටෙක්ස්ට් ෆයිල් එකේ කියා ඇති සියලු පරිගණක වසා දමන්න!
multiremote copy "c:\temp\computers.txt" exitwin poweroff force
"My Internet" නැමැති Internet connection එකට සම්බන්ධ වෙන්න
nircmd.exe rasdial "My Internet"
"My Internet"  නැමැති Internet connection එක Disconnect කරන්න
nircmd.exe rashangup "My Internet"
Internet Explorer වින්ඩෝව 75% විනිවිද පෙනීමට සකසන්න ! (192 / 256)
nircmd.exe win trans ititle "internet explorer" 192
සියලුම Internet Explorer windows Minimize කරන්න
nircmd.exe win min class "IEFrame"
සියලුම Internet Explorer windows වසන්න
nircmd.exe win close class "IEFrame"
සියලුම Explorer windows වසන්න (My Computer, folders ආදිය)
nircmd.exe win close class "CabinetWClass"
සියලුම Internet Explorer windows සඟවන්න
nircmd.exe win hide class "IEFrame"
සැඟවූ සියලු Internet Explorer windows පෙන්වන්න
nircmd.exe win show class "IEFrame"
සියලුම top level windows center කරන්න
nircmd.exe win center alltop
My Computer window එකෙහි ටයිටල් බාර් එක සඟවන්න.
nircmd.exe win style title "my computer" 0x00C00000
start button එක system tray එකෙහි සඟවන්න
nircmd.exe win child class "Shell_TrayWnd" hide class "button"
start button එක system එකෙහි පෙන්වන්න
nircmd.exe win child class "Shell_TrayWnd" show class "button"
ඔරලෝසුව සඟවන්න
nircmd.exe win child class "Shell_TrayWnd" hide class "TrayClockWClass"
ඔරලෝසුව පෙන්වන්න
nircmd.exe win child class "Shell_TrayWnd" show class "TrayClockWClass"
K: CDROM drive එක විවෘත කිරීමට shortcut එකක් සාදන්න.
nircmd.exe cmdshortcut "~$folder.desktop$" "Open CDROM" cdrom open k:
කිසියම් වෙබ් අඩවියකට ඩෙස්ක්ටොප් ෂෝට්කට් එකක් සාදන්න
nircmd.exe urlshortcut "http://www.nirsoft.net" "~$folder.desktop$" "NirSoft"
කිසියම් වෙබ් අඩවියක් Favorities වලට එක් කරන්න.
nircmd.exe urlshortcut "http://www.nirsoft.net" "~$folder.favorites$\Links" "NirSoft"
කිසියම් වෙබ් අඩවියකට ෂෝට්කට් එකක් සාදන්න (computers.txt නම් ෆයිල් එකෙහි අතුළත් කර ඇති සියලුම පරිගණක ඩෙස්ක්ටොප් මත)
nircmd.exe multiremote copy "c:\temp\computers.txt" urlshortcut "http://www.nirsoft.net" "~$folder.common_desktop$" "NirSoft"
display mode එක 800x600x24bit ලෙස සකසන්න
nircmd.exe setdisplay 800 600 24
display mode එක 800x600x24bit colors ලෙස සකසන්න
nircmd.exe cmdshortcut "~$folder.desktop$" "800x600x24" setdisplay 800 600 24
ඩෙස්ක්ටොප් එකේ ඇති සියලු ෂෝට්කට් තවත් ෆෝල්ඩර් එකකට කොපි කරන්න (f:\temp\desktop).
nircmd.exe execmd copy "~$folder.desktop$\*.lnk" f:\temp\desktop
Apache server එක restart කරන්න (under Windows NT/2000/XP/2003)
nircmd.exe service restart apache
screenshots 10ක් විනාඩ්යෙන් විනාඩිය එක දිගට සේව් කරන්න, ෆයිල් නේම් එක තුළ දිනය හා වෙලාව තිබෙන අයුරින්.
nircmd.exe loop 10 60000 savescreenshot c:\temp\scr~$currdate.MM_dd_yyyy$~$currtime.HH_mm_ss$.png
Firefox බ්‍රව්සරය වැසෙන තුරු සිට "Firefox was closed" යැයි දිස්වේ
waitprocess firefox.exe speak text "Firefox was closed"


පද්ධති අවශ්‍යතාවයන්


Windows 9x/ME, Windows NT, Windows 2000, Windows XP, Windows Server 2003, Windows Vista. (ඇතැම් NirCmd commands වැඩ කරන්නේ  Windows NT/2000/XP/2003/Vista සඳහා පමණි).


භාවිතා කිරීමේ බලපත්‍රය


මෙම වැඩසටහන freeware අකාරයෙන් නිකුත්වී ඇත. මෙය ඔබ කිසිවකුගෙන් මුදල් අයනොකරන තාක්කල් ඔබට නිදහසේ floppy disk, CD-ROM, Internet, හෝ වෙනත් ඕනෑම ආකාරයකින් බෙදාහැරිය හැක. එහිදී මෙම වැඩසටහන කිසිදු වෙනස්කිරීමක් නොකර අදාල  distribution package, තුළ ඇතුළත් කළ යුතු වේ. 


භාගත කිරීම











ස්ථාපනය කිරීම











භාගත කිරීමෙන් පසුව අදාල Zip file එක extract කරගන්න.













ඉන්පසු එහි ඇති nircmd.exe ෆයිල් එක open කරගන්න. (NirCmd.chm ලෙස ඇත්තේ මෙම වැඩසටහනට අදාල උදවු සියල්ල ඇතුළත් Help File එකයි)

ඉන්පසු විවර වන වින්ඩෝවේ ඇති Copy to Windows Directory මත ක්ලික් කරන්න.


ඉන්පසු එන සංවාද කොටුවෙන් මෙම ෆයිල් එක වින්ඩෝස් ඩිරෙක්ටරියට පිටපත් කරන්නදැයි විමසාවි. එය Yes කරන්න.(ඔබ එය වින්ඩෝස් ඩිරෙක්ටරියට [C:\Windows] පිටපත් කළ විට පමණයි ඉහත උදාහරණ වල ආකාරයෙන් සම්පූර්ණ පාත් එක නොදී nircmd.exe පමණක් ටය්ප් කර විධාන ක්‍රියාත්මක කළ හැක්කේ )

ඉන්පසු පෙර වින්ඩෝවද OK කරන්න.
එපමණයි.

ප්‍රයෝජන ගන්නා ආකාරය


සරලවම, අදාල විධානය Command Prompt එකෙහි ටයිප් කර Enter කිරීමෙන් මෙම විධාන ක්‍රියාත්මක කළ හැකියි.

C:\Users\Kinith Hettiarachchi\nircmd.exe cdrom open J: 


එසේත් නැත්නම් සාමාන්‍ය Bat files ලෙස විධාන සේව් කරගෙන ක්‍රියාත්මක කළ හැකියි.

තවත් ක්‍රමයක් නම් Programming Languages හරහා ඩොස් කමාන්ඩ්ස් ක්‍රියාත්මක කරන ආකාරයට මෙම කමාන්ඩ්ස්ද ප්‍රයෝජනයට ගත හැකියි. 

උදා: Visual Basic.Net සඳහා F නැමැති CD Drive එක Eject කරගැනීමට විධානය...
  

Shell("nircmd.exe cdrom open F:", AppWinStyle.Hide, 1, 1) 


මූලාශ්‍ර - http://www.nirsoft.net/utils/nircmd.html


No comments