එකපාරින්ම Gmail Inbox සම්පූර්ණයෙන්ම හිස් කරන්න
මේ
කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි. හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය
යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර
Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.
මේ
සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති
Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය
තෝරාදිය හැකියි.
ඉන්පසු ඔබේ Inbox එකේ පළමු පිටුවේ ඇති
ඊමේල් සියල්ල select වනු ඇති. එමෙන්ම එම Email සංඛ්‍යාව select වී ඇති
බවත්, Inbox එකේ ඇති සියලුම Email select කළහැකි විකල්පයකුත් එම Emails වලට
ඉහළින් පෙනෙනු ඇති.
දැන් ඔබ කළයුත්තේ මෙම Select all #### conversations in... යන්න මත ක්ලික් කිරීමයි. එවිට ඔබේ Inbox එක තුළ එදා මෙදා තුර පැමිණි සියලුම Emails select වනු ඇත.
දැන් ඔබට Delete මත ක්ලික් කර එම ඊමේල් සියල්ල එකවර මකා දැමිය
හැකියි හැකියි.
No comments