Recent comments

අලුත්ම ලිපි 🡲

සිංහල උපසිරැසි වඩාත් පැහැදිලිව බලන්නේ මෙහෙමයි

බොහෝ දෙනෙක් දැන් චිත්‍රපට/රූපවාහිනී කතා මාලා නරඹන්නේ සිංහල උපසිරැසිත් සමගයි. මේ ආකාරයෙන් චිත්‍රපට නැරඹීම සඳහා අවශ්‍ය සිංහල උපසිරැසි ලබාදීම සඳහා ස්වේච්ඡාවෙන්ම සංවිධානය වුණ බොහෝ මිතුරු මිතුරියන් පිරිසක් අන්තර්ජාලයේ අපට නිතර මුණගැහෙනවා.

ගොඩක් අය මේ සිංහල උපසිරැසි තමන්ගේ මීඩියා ප්ලේයර් එක හරහා ධාවනය කරගන්න දන්නවා වගේම මේ කාරණය ගැන ඒ තරම් අවබෝධයක් නැති අයත් ඉන්නා බව බොහෝ තැන්වල ඇහෙන ප්‍රශ්න වලින් පේනවා. ඉතින් මේ ලිපිය ලියන්නේ ඒ අයට උදව්වක් විදියටයි.

වින්ඩෝස් 7+ ඇති පරිගණක සඳහා


උපසිරැසිකරණයේදී අපි භාවිතා කරන්නේ සිංහල යුනිකෝඩ් අකුරු. ඒ කියන්නේ ඔබට සිංහල උපසිරැසි නැරඹීමටනම් ඔබේ පරිගණකයේ/ජංගම දුරකථනයේ සිංහල යුනිකෝඩ් අකුරු සහය තිබිය යුතුයි. (සාමාන්‍යයෙන් තියෙනවා). සිංහල උපසිරැසි වඩාත් පැහැදිලිව පහසුවෙන් කියැවීමට Iskola Pota සිංහල ෆොන්ට් එකට වඩා මලිති වෙබ් ෆොන්ට් එක වඩාත් ගැලපෙනවා. (ෆොන්ට් එක නැත්නම් පහළින් ගන්න).


www.locallanguages.lk/files/FM-MalithiUW46.ttf

දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එක Double click කරලා ඉන්ස්ටෝල් කරගන්න.

හරි, දැන් පැහැදිලි ෆොන්ට් එකක් ඔබේ පරිගණකයේ තිබෙනවා. මීළඟට මීඩියා ප්ලේයර් එකක් සිංහල උපසිරැසි සඳහා සූදානම් කරන ආකාරය දැනගමු. මේ සඳහා මම යෝජනා කරන්නේ KM Player එකයි.



සිංහල උපසිරැසි නැරඹීම සඳහා ඉතා හොඳ ප්ලේයර් එකක් තමයි KM. (KMPlayer එක මෙතැනින් ගන්න). KM Player එක ඉන්ස්ටෝල් කරගත් පසු විවෘත කර ඒ මත Right click කරන්න. එවිට ලැබෙන මෙනුවෙන් Options > Preferences තෝරන්න. ඉන්පසු එහි ඇති Subtitles > Font Style වෙත යන්න.

මෙතැන Primary Font විදියට Malithi Web දෙන්න. (ඉන්පස්සේ එතන තියෙන Font Size එකට 80ක් වගේ දෙන්න) එච්චරයි. දැන් වීඩියෝ එක KM Player එකෙන් play කරලා Subtitle එක ප්ලේයර් එක උඩට ඇදලා දාන්න (Drag & Drop).





හරි නේද!
පොඩි වැඩක්!!

No comments