Recent comments

අලුත්ම ලිපි 🡲

තවම ඉන්ටනෙට් යන්නෙ අවුරුදු 20ක් පරණ විදියටද? : HTTP/2

http කියන අකුරු හතර අන්තර්ජාලය භාවිතා කරන ඔබ කවුරු වුණත් අනිවාර්යෙන්ම දැකලා ඇති. ඔබේ බ්‍රව්සරයේ ඔබ ලබාදෙන වෙබ් ලිපින වලට මුලින් තියෙන මේ අකුරු හතරෙන් නිරූපණය වෙන්නේ මොකක්ද කියලා ඇතැම්විට ඔබ දන්නවාත් ඇති. ඒ ඔබ ඔබේ බ්‍රව්සරය හරහා ඉල්ලා සිටින වෙබ් පිටු වෙබ් සර්වරයකින් ලබාගෙන පෙන්වීම සඳහා භාවිතාවන අන්තර්ජාල ප්‍රොටොකෝලයක් (මූල ලේඛනයක්, සම්මතයන් හෝ ප්‍රමිතියක් කියන්න පුලුවනි). : Hyper Text Transfer Protocol. හරියට අන්තර්ජාලය කතා කරන භාෂාවක් වගේ.




HTTP ප්‍රොටොකෝලයේ ඉතිහාසයට ගියොත්, මුලින්ම HTTP හඳුන්වාදුන්නේ 90 දශකයේ මුලදී. 1996 වර්ෂයේ මැද වනවිට එවකට පැවති වෙබ් බ්‍රව්සර් වලින් 65%ක්ම මේ අලුත් තාක්ෂණයට ඉඩ ලබාදී තිබුණා. නිළ වශයෙන් HTTP/1.1 ප්‍රමිතිය ලෝකයට නිකුත් කළේ 1999දී පමණ. 

HTTP/1.1 යල්පැන ගිහින්

අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. වසර විසි ගණනක් පැරණි තාක්ෂණයක් කොහොමටවත් අදට ගැලපෙනවා වෙන්න බැහැ. අන්තර්ජාලයේ රජකරන ඔබ බොහෝ දෙනෙකුට වඩා වයසක තාක්ෂණයක් HTTP/1.1. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. 

HTTP/1.1 තාක්ෂණය ඔබ ඉල්ලන වෙබ් පිටුවක තියෙන වැකි, ඡායාරූප, JavaScripts, CSS යනාදී අංග load කරන්නේ රේඛීයව. ඒකියන්නේ එකකට පස්සේ එකක් වශයෙන්. ඒක හරියට මිනිසුන් කීපදෙනෙක් පෝළිමට කුඩා ගේට්ටුවකින් ඇතුළ් වෙනවා වගේ වැඩක්නේ! එක්කෙනෙක් ඇතුළ්වෙන්න ප්‍රමාද වුණොත් ඊට පිටිපස්සෙන් ඉන්න සියලුදෙනා ඒ නිසා ප්‍රමාදවෙනවා. ඇතැම්විට ඔබ දැකලාත් ඇති අන්තර්ජාල වේගය අඩාල වන අවස්ථා වල සමහර වෙබ් පිටු දර්ශනය වෙද්දී පළමුවෙන් අකුරුත්, ඉන්පසුව ඡායාරූප හා වෙනත් කොටස් එකින් එක මතුවෙන ආකාරය. මේ ක්‍රමය තවදුරටත් ගැලපෙන්නෙ නැහැ. මොකද අද වෙබ් අඩවි වල තිබෙන වීඩියෝ, ඉමේජ් සහ වෙනත් සංකීර්ණ වෙබ් ඇප්ලිකේෂන්ස් එක්ක ගත්තම මේ ක්‍රමයේ වේගවත් බව බොහෝසෙයින්ම අඩු නිසා.

HTTP/2 ඇවිත්!

ගූගල් සමාගම HTTP/1.1 තාක්ෂණයේ පැවති වේගයේ/ආරක්ෂාවේ දුර්වලතාවයන් මගහැරවීමට ගෙන ආ SPDY (ස්පීඩී කියලා කියවන්නේ) තාක්ෂණය පාදක කොටගෙන සැකසුණු අලුත්ම HTTP/2 තාක්ෂණය දැන් කරළියට පැමිණ තිබෙනවා. පළමුවෙන්ම 2012 වර්ෂයේදී හඳුන්වාදුන් මෙහි වැඩ  Internet Engineering Task Force විසින් මේවන විට අවසන් කොට තිබෙනවා.



HTTP/2 තාක්ෂණයේදී මෙතෙක් පැවති මඳ වේග රේඛීය ක්‍රමයට මෙන් නොව එකවර අංග කීපයක් බ්‍රව්සරය වෙත අධි වේගයෙන් ලබාදීමේ හැකියාව තිබෙනවා. එසේම බ්‍රව්සරය සහ වෙබ් සර්වරය අතර දෙපසටම (request/response) එකවර සන්නිවේදනය කිරීමේ හැකියාවත් තිබෙනවා. ඒ කියන්නේ ලෝඩ් වීමට වැඩි කාලයක් ගතවන අංග ලැබෙන අතරතුරම ඉක්මනින් ලෝඩ්වන අංග කිසිදු ප්‍රමාදයකින් තොරව ඔබේ බ්‍රව්සරය වෙත ලැබෙනවා. නිර්දේශ කර ඇති ආකාරයට එකවර මෙවැනි හුවමාරු 100ක් දක්වා සිදුකිරීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව සිදුවන Data Compression නිසා පෙරට වඩා අඩු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඒ වගේම, සුවිශේෂීම කරුණක් වන්නේ දැනට පවතින වෙබ් සර්වර්ස් වලින් HTTP/2 සහය ලබාදීම සඳහා කිසිදු වෙනස්කමක් සිදු නොකළයුතු වීමයි.

කොහොමද HTTP/2 පාවිච්චි කරන්නේ

ඕක කියනකල්නේ බලාගෙන හිටියේ. එහෙනම් මෙන්න.

ඔබ පාවිච්චි කරන්නේ ඔබේ බ්‍රව්සරයේ අලුත්ම සංස්කරණයක්නම්, බොහෝ විට දැනටමත් එහි default සැකසුමක් ලෙස HTTP/2 සක්‍රිය වෙලා ඇති. එහෙම නැත්නම්...

ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ ඉදිරියට එන 39වන සංස්කරණය සම්පූර්ණයෙන්ම HTTP/2 සහය දක්වනවා. දැනට පවතින 36ත්, මීළඟට එන 37, 38 සංස්කරණත් ක්‍රමයෙන් HTTP/2 වෙත යොමුවෙනවා. දැනට පවතින FireFox 36 සංස්කරණයේදී HTTP/2 සක්‍රිය කරගැනීම සඳහා ඇඩ්‍රස් බාර් එකේ about:config ගිහින් එතැන network.http.spdy.enabled.http2 සර්ච් කරන්න. ඉන්පස්සේ ලැබෙන network.http.spdy.enabled.http2draft හි value එක true කරන්න. (False තියෙනවා නම් ඒ මත DoubleClick කරන්න.




Chrome බ්‍රව්සරයේ නම් ඇඩ්‍රස් බාර් එකේ flags/#enable-spdy4a2 හා flags/#enable-http2-draft-04  ලබාදී enable  මත ක්ලික් කිරීමෙන් SPDY/HTTP2 සක්‍රිය කරගන්න පුලුවන්.



ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 11 සංස්කරණයත් HTTP/2 සහය දක්වාවි.



ඔබේ අදහස්, යෝජනා, චෝදනා සහ නිවැරදීකිරීම් සඳහා විවෘතයි.

1 comment:

  1. Borgata Hotel Casino & Spa - Mapyro
    › borgata-hotel-casino 익산 출장마사지 › borgata-hotel-casino Get directions, 충청북도 출장샵 reviews 문경 출장샵 and information 용인 출장안마 for Borgata Hotel Casino & Spa in 문경 출장안마 Atlantic City, NJ.

    ReplyDelete