Recent comments

අලුත්ම ලිපි 🡲

හාඩ් එක සමග බය නැතිව සෙල්ලම් දැමීම - EaseUs Partition Master වැඩසටහන

පරිගණකයේ දෘඪ තැටිය, එහෙමත් නැත්නම් හාඩ් ඩිස්ක් එක හා සම්බන්ධ විවිධ තාක්ෂණික කටයුතු සඳහා සැකසුණු වැඩසටහන් අපි බොහෝවිට partition managers ලෙස හඳුන්වනවා. මේ අතරින් නොමිලේ ලබාදෙන වැඩසටහන් අතර භාවිතයට ඉතා පහසු වැඩසටහනක් ලෙස EaseUS Partition Master Free වැඩසටහන හඳුන්වා දෙන්න පුලුවනි.

සාමාන්‍යයෙන් පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම්පද්ධතියක් ස්ථාපනය කිරීමේදී අපි හාඩ් ඩිස්ක් එක පාටිෂන්, එහෙමත් නැත්නම් කොටස් වලට බෙදා වෙන්කරගන්නවා. ඇතැම්විට C:, D:, E:, F:, G:..... විදියට කොටස් කීපයක් වෙන්නත් පුලුවන්. ඉන්පස්සේ ඒ පාටිෂන් වල අපි ෆයිල්ස් ගබඩා කර තබාගන්නවා. 

මේ විදියට දැනට භාවිතයේ පවතින හාඩ් ඩිස්ක් එකක, දත්ත වලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් තවත් අලුතින් පාටිෂන් එකතු කරගැනීමට, දැනට තිබෙන පාටිෂන් දෙකක් එක් පාටිෂන් එකක් බවට පත්කරගැනීමට, දැනට තිබෙන පාටිෂන් වල ඉඩ ප්‍රමාණය වෙනස් කිරීම, දෝෂ සමනය කිරීම සහ තවත් බොහෝ බැරෑරුම් කාර්යයන් ඉතා සරලව, පහසුවෙන් කරගැනීමේ හැකියාව මෙම වැඩසටහනෙන් ලැබෙනවා. (ඩවුන්ලෝඩ් ලින්ක් එක ලිපිය අවසානයේ ඇති).




වැඩසටහන ක්‍රියාත්මක කළවිට ලැබෙන පළමු තිරයෙන් ඔබට විකල්ප තුනක් ලැබෙනවා. ඒ පාටිෂන් වැඩ කටයුතු, ඩේටා බැකප්/නැවත ස්ථාපනය කිරීම සහ මැකී ගිය ෆයිල්ස් නැවත ලබාගැනීම හෙවත් රිකවර් කිරීම. (මෙම විකල්ප දෙක මත ක්ලික් කිරීමෙන් ඒ වැඩසටහන්ද ඔබට ස්ථාපන කරගත හැකියි). අපි භාවිතාකරන්නේ Partition Manager එක නිසා ඒ මත ක්ලික් කරන්න.


EaseUs partition master වැටසටහනෙහි, ප්‍රධාන වින්ඩෝව තුළ ඔබේ හාඩ් ඩිස්ක් එක හා සම්බන්ධව සිදු කළ හැකි කාර්යයන් ලැයිස්තුවක් දක්නට ලැබෙනවා.


මෙහි සඳහන් කාර්යයන් කීපයක් කෙටියෙන් පැහැදිලි කළොත්...



Migrate OS to SSD/HDD - දැනට පවතින හාඩ් ඩිස්ක් එක පරණ වීම/ ලෙඩ දීම හෝ ඉඩ මදි වීම නිසා ඔබ අලුත් හාඩ් එකක් මිලදී ගන්නේ නම්, ඔබේ පරණ හාඩ් ඩිස්ක් එකේ ඇති මෙහෙයුම් පද්ධතිය මෘදුකාංගද සමග නැවත ඉන්ස්ටෝල් නොකරම අලුත් හාඩ් ඩිස්ක් එකට ගෙනයාම සඳහා මෙම පහසුකම භාවිතා කළ හැකියි. (මෙහිදී ඔබේ අලුත් හාඩ් ඩිස්ක් එකේ, එහෙමත් නැත්නම් destination drive එකේ තිබෙන පාටිෂන් සහ දත්ත ඉවත් කිරීම සිදුවෙනවා)

Resize/Move partition - දැනට පවතින හාඩ් ඩිස්ක් එකක ප්‍රමාණය වෙනස් කිරීම මෙමගින් සිදුකළ හැකියි. (ඉන්පසුව ඉන් ඉතිරිවන ඉඩ ප්‍රමාණයක් වේනම් එයින් අලුත් පාටිෂන් එකක් සැකසිය හැකියි).

Copy partition -  දැනට තිබෙන පාටිෂන් එකක් සම්පූර්ණයෙන්ම තවත් පාටිෂන් එකකට පිටපත් කිරීම මෙයින් සිදුකෙරෙනවා.

Merge Partition - දැනට තිබෙන පාටිෂන් දෙකක් එකතු කර තනි පාටිෂන් එකක් බවට පත්කරගැනීම සඳහා මෙම පහසුකම භාවිතා කරන්න පුලුවනි.


Convert to Logical - දැනට පවතින Primary partitions, logical partitions බවට හැරවීම සඳහා මෙම පහසුකම ලබාදී තිබෙනවා.

Change Label/Change Drive letter - ඔබේ පාටිෂන් එකේ නම සහ ඒ සඳහා භාවිතාවන අක්ෂරය වෙනස් කිරීම මෙමගින් සිදුකළ හැකියි.



මීට අමතරව පාටිෂන් සැඟවීම (Hide partition), දෝෂ පිරික්සීම (Check partition), ෆෝමැට් කරගැනීම (Format partition), හිස් ඉඩ තුළ රැඳී තිබෙන දත්ත ඉවත් කිරීම (Wipe parition) යනාදී පහසුකම් ගණනාවකුත් මෙම වැඩසටහන සතුව තිබෙනවා.



ඒවගේම, විශේෂයෙන්ම මතක් කළයුතු දෙයක් තමයි ඔබ කරන වෙනස් කිරීම් ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වෙන්නේ නැති බව. උදාහරණයක් හැටියට ඔබ Primary partition එකක් Logical බවට පත් කළේනම්, එය ඔබේ Pending Operaions තුළට එකතු වන අතර, ඉන්පසුව ඔබට Apply මත ක්ලික් කිරීමෙන් එම කාර්යය සැබෑවටම හාඩ් ඩිස්ක් එක මත ක්‍රියාත්මක කළ හැකියි. ක්‍රියාත්මක කිරීම අනවශ්‍යනම් Undo කළ හැකියි.





EaseUS Partition Master Free වැඩසටහන ඩවුන්ලෝඩ් කරගන්න මෙතැනින්.
http://www.partition-tool.com/landing/home-download.htm


ඔබේ අදහස්/ගැටලු පහතින් කමෙන්ට් කරන්න.


No comments