Recent comments

අලුත්ම ලිපි 🡲

English #13 පාඩම | The Past Perfect Tense

ලියලා තිබුණා, කරලා තිබුණා වගේ අපි දැනටමත් කරලා ඉවර කර ඇති දේ පිළිබඳව කතා කරන්න මේ පාඩමෙන් ඉගෙනගනිමු.



මෙහිදී භාවිතා වන වාක්‍ය රටාව මෙහෙමයි.

කර්තෘ + Had + ක්‍රියාපදයේ අතීතකාලීන කෘදන්තය (Past Participle) + කර්මය




උදාහරණ :

ඔහු ලියුමක් ලියලා තිබුණා.
ඔහු ලියලා තිබුණා ලියුමක්.
He had written a letter.

එයාලා මෙහෙ ඇවිත් තිබුණා.
එයාලා ඇවිත් තිබුණා මෙහෙ.
They had come here.


නැත අර්ථයේ වාක්‍ය ගොඩනැගීම සඳහා Had වලට not එකතු කරන්න.

 

ඔහු ලියුමක් ලියලා තිබුණෙ නැහැ.
ඔහු ලියලා තිබුණෙ නැහැ ලියුමක්.
He had not written a letter.



ප්‍රශ්න ගොඩනැගීමේදී had ඉදිරියට ගන්න.

ඔහු ලියුමක් ලියලා තිබුණාද?.
ඔහු ලියලා තිබුණාද ලියුමක්?.
Had he written a letter?.

ඇයි ඔහු ලියුමක් ලියලා තිබුණේ?.
ඇයි ඔහු ලියලා තිබුණේ ලියුමක්?.
Why had he written a letter?.

ඔහු ලියුමක් ලියලා තිබුණෙ නැද්ද?.
ඔහු ලියලා තිබුණෙ නැද්ද ලියුමක්?.
Hadn't he written a letter?.


[ඔබේ අදහස් සඳහා විවෘතයි]

https://www.facebook.com/sharer/sharer.php?u=http://kinith.blogspot.com/2014/05/ppt.html

No comments