Recent comments

අලුත්ම ලිපි 🡲

වින්ඩෝස් පරිගණකයෙන් Android ධාවනය කරමු! (Live-Android v0.3)


Android යනු මේ වනවිට ඉතා ජනප්‍රිය, ස්පර්ශක තිර සඳහා විශේෂයෙන් සැකසුණු ලිනක්ස් පාදක මොබයිල් මෙහෙයුම් පද්ධතියක් බව කවුරුත් දන්නවා. මේ ජනප්‍රියත්වයත්, ඇන්ඩ්‍රොයිඩ් සඳහා ලියැවෙන දහස් ගණනක් සිත් ගන්නා සුළු ඇප්ස් නිසාත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා ඒ සඳහා ලියැවෙන වැඩසටහන් සාමාන්‍ය පරිගණකයකදී  භාවිතා කරන ආකාරය ගැන බොහෝ තැන් වල කතා බහට ලක්වෙනවා. මේ ලිපිය ඒ ගැන උනන්දුවක් දක්වන අය සඳහායි.

මේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත පරිගණකයකදී ධාවනය කරගන්නා හැටියි.


ඒ සඳහා පළමුවෙන්ම (ඔබේ පරිගණකයේ ටොරන්ට් භාගත කරන වැඩසටහනක් දැනට ස්ථාපනය කර නැතිනම්) BitTorrent වැඩසටහන භාගත කර Install කරගන්න - (BitTorrent මෙතැනින්


ඉන්පසුව ඔබට Android ISO torrent එක - (ANDROID ISO ටොරන්ට් එක මෙතැනින්) ඩවුන්ලෝඩ් කරගෙන සාමාන්‍ය ටොරන්ට් එකක් ආකාරයටම BitTorrent හරහා විවෘත කර Download කරගන්න.



 අවසාන වශයෙන් Virtual Box (Virtual Box මෙතැනින්) Download කරගන්න.



Android ඔබේ පරිගණකයේ ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සියලුදේ දැන් ඔබ සතුයි!.

පළමුවෙන්ම ඔබ ඉහත Download කළ Virtual Box වැඩසටහන සාමාන්‍ය මෘදුකාංගයක් විදියටම ස්ථාපනය කර විවෘත කරගන්න. (ඔබ කළ යුත්තේ දිස්වන පියවර Next කරමින් ගොස් අවසානයේ Finish ක්ලික් කිරීම පමණි). 

ඉන් පසුව Virtual Box වැඩසටහන තිරයේ දිස්වනු ඇති.


දැන් අපි, Android OS එක ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය Virtual Machine එක (ඔබේ පරිගණකය තුළම ක්‍රියාත්මක වන තවත් අතථ්‍ය පරිගණකයක්) සාදාගනිමු. බොහොම පහසු දෙයක්.

මේ සඳහා පළමුවෙන්ම ඔබේ Virtual Box තිරයේ ඉහළ වම් පස ඇති New මත ක්ලික් කරන්න. එහිදී මතුවන Dialog Box එක තුළ ඔබේ Virtual Machine එකේ නමත්, එහි ධාවනය වන මෙහෙයුම් පද්ධති වර්ගයත්, මෙහෙයුම් පද්ධතියත් පහත ආකාරයෙන් තෝරාදෙන්න.

 
Next කරන්න. 

ඉන්පසුව ලැබෙන Dialog box එක තුළ ඔබේ Virtual Machine එකට ඔබ වෙන් කරන RAM මතක ධාරිතාවය 512MB ලෙස ලබාදෙන්න. (ඔබේ පරිගණකයේ හොඳ RAM ධාරිතාවයක් ඇතැයි උපකල්පනය කරමි). 


Next කරන්න. 

මීළඟට ලැබෙන Dialog box එක තුළ ඔබේ Virtual Machine එක සඳහා ඔබ වෙන් කරන Hard Disk ඉඩ ප්‍රමාණය ලබා දිය හැකියි. (මෙහිදී ඔබේ පරිගණකයේ පාටිෂන් වලට කිසිදු වෙනසක් සිදු නොවේ. මෙයින් කෙරෙන්නේ පසුව අප ඇන්ඩ්‍රොයිඩ් ධාවනය කරද්දී භාවිතා කරීමට අප ලබාදෙන ඉඩ ප්‍රමාණය මෙතෙකැයි කියා කීම පමණි).
මෙහි Create a New Virtual Hard Drive now තෝරා Next කරන්න.
 

මීළඟ Dialog Box එක ඔබට කිසිදු වෙනසක් නොකරම Next කළ හැකියි.


 අපි Android OS එක සඳහා ස්ථාවර ඉඩක් ලබාදෙමු. මේ සඳහා මීළඟ Dialog Box එකෙන් Fixed Size තෝරා Next කරන්න.


දැන් ඔබ වෙන් කරන ඉඩ ප්‍රමාණය 2.00GB ලෙස ලබාදී Create මත ක්ලික් කරන්න.


දැන් ඔබේ අලුත් ඇන්ඩ්‍රොයිඩ් පරිගණකය සකසාගෙන අවසන්. මීළඟට ඇත්තේ එම Virtual පරිගණකය තුළ Android ස්ථාපනය කිරීමයි.


මේ සඳහා ඔබ කලින් ටොරන්ට් එක හරහා Download කරගත් ISO ෆයිල් එක ඔබේ Virtual පරිගණකයට Mount කරගත යුතුයි. ඒ මෙහෙමයි.

පළමුවෙන්ම ඔබේ Virtual Box වින්ඩෝවේ තිබෙන Settings මත ක්ලික් කරන්න.


දැන් එහි ඇති Storage මත ක්ලික් කර, ඉන්පසුව Empty ලෙස පෙන්වන ඔබේ Virtual පරිගණකයේ DVD ROM එකත් ක්ලික් කරන්න. ඉන් පසු එහි Attributes හි ඇති CD Icon එක ක්ලික් කර ඒ තුළින් Chose a virtual CD/DVD disk file මත ක්ලික් කරන්න.


දැන්, ඔබ කලින් ඩවුන්ලෝඩ් කරගත් Android ISO File එක තෝරාදී, Open මත ක්ලික් කරන්න.


කලින් Empty ලෙස පෙන්වූ ඔබේ Virtual DVD ROM එක තුළට දැන් Android ISO එක ඇතුළත්වී පෙනෙනු ඇති.


දැන් ඔබේ Settings වින්ඩෝවෙහි ඇති System වෙත ගොස් එහි අවසානයේ ඇති Enable absolute pointing device හි යොදා ඇති හරි ලකුණ ඉවත් කරන්න. ඉන් පසුව OK මත ක්ලික් කර Close කරගන්න.


හරි. මේ වනවිට ඔබේ පරිගණකයත්, මෙහෙයුම් පද්ධතිය සහිත DVD එකත් සකසාගෙන අවසන්. දැන් කළයුත්තේ ඔබේ Virtual පරිගණකය Android වලින් Boot කරගැනීමයි.

මේ සඳහා ඔබේ Virtual Box වින්ඩෝවේ ඇති Start මත ක්ලික් කරන්න. (ඉන් පසුව එන Virtual Box Information වින්ඩෝ දෙකම OK කරන්න, අවශ්‍යනම් කියවලා බලන්න :)... ).


මීළඟට ඔබ භාවිතාකරන Screen Resolution එක ලෙස 800x600 ඔබේ Key Board එකේ Arrow Keys වලින් තෝරා Enter කරන්න. (ඒ සඳහා Mouse එක භාවිතා කළ නොහැකියි).


ඉන්පසුව ඔබේ Virtual පරිගණකය තුළ Android ධාවනය වනු ඇති.











සැලකිය යුතුයි -

- ඔබට Mouse එක භාවිතාකිරීමට අවශ්‍ය නම් තිරය මත Mouse එක ක්ලික් කළවිට ලැබෙන පණිවුඩය OK කරන්න. (පණිවුඩය නැවත නැවත දිස්වීම නැවැත්වීමට Do not show this message again යන්න ක්ලික් කළ හැකියි) 

- නැවත Android Virtual Machine එකෙන් Mouse එක මුදාගැනීමට දකුණු පස Ctrl Key එක භාවිතා කරන්න. 

- ඔබට කුණු පස Ctrl සහ F key එක එක්වර තදකිරීමෙන් Full Screen ලෙසද Virtual Box භාවිතා කළ හැකියි. Full Screen එකෙන් ඉවත් වීමටත් Ctrl+F ම භාවිතා කළ හැකියි.

- ඔබ භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් වින්ඩෝවක සිට නැවත මුල් තිරයට පැමිණිමට Windows key එක භාවිතා කළ හැකියි. 

- විවෘත කරන වැඩසටහන් Close කිරීමට හෝ ආපසු පසුපසට යාමට Esc key එක භාවිතා කළ හැකියි.

මීළඟ ලිපියකින් අපි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් භාවිතා කිරීම ගැනත් දැනගනිමු. එතෙක් ඇන්ඩ්‍රොයිඩ් Browser එක හරහා අන්තර්ජාලය භාවිතා කර බලන්න.  ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් මුල් තිරයේ දකුණු පස කෙළවර මැද ඇති පැනල් එක මත ක්ලික් කර, එහි ඇති ඇප්ස් භාවිතා කළ හැකියි.


භාවිතා කිරීමෙන් පසු ඔබේ Virtual පරිගණකය වසා දැමීම සඳහා Virtual box වින්ඩෝවට පිවිස එහි ඇති අපේ Android Virtual Machine එක Right click කර, එහි Close තුළින් Power Off ක්ලික් කරන්න.


පසුව නැවත ධාවනය කිරීමේදී Virtual Box විවෘත කර එහි අපේ Android OS පරිගණකය ක්ලික් කර Start ක්ලික් කිරීම පමණක් සෑහේ.

මීළඟ ලිපියකින් වැඩිදුර කතාකරමු.

(සාර්ථකව අත්හදාබැලීමෙන් පසුව සකසන ලද ලිපියකි)

1 comment:

  1. android nowana phone 1kata hariyana application nadda?

    ReplyDelete