Recent comments

අලුත්ම ලිපි 🡲

ඔබේ Chrome-Firefox/IE බ්‍රව්සරයට අලුත් ඇඳුමක් අන්දවන්න

(ඔබ සාදන තීම්ස් මිතුරන්ටත් බලන්න ලිපියට පහළින් ඒවායේ ලින්ක් කමෙන්ට් කරන්න)

අන්තර්ජාලය භාවිතා කරන ඔබට වෙබ් බ්‍රව්සරය යනු කුමක්දැයි යන්න පිළිබඳව අමුතුවෙන් හඳුන්වාදියයුතු නැහැ. 



සර් ටිම් බර්නර්ස්-ලී විසින් 1990දී නිර්මාණය කළ ඉහත සඳහන් WorldWideWeb (පසුව Nexus) නැමැති ලොව පළමු බ්‍රව්සරයේ සිට, ඉන්පසුව නිර්මාණය කෙරුණු ලොව ප්‍රථම ජනප්‍රිය බ්‍රව්සරය වන Mosaic (පසුව NetScape) බ්‍රව්සරයත්, 1995දී මයික්‍රොසොෆ්ට් සමාගම නිකුත්කළ Internet Explorer බ්‍රව්සරයත්, 1996දී පැමිණි Opera බ්‍රව්සරයත්, 2003දී නිකුත් කළ Safari බ්‍රව්සරයත්, 2004දී ආ Firefox බ්‍රව්සරයත්, 2008දී ගූගල් සමාගම නිකුත් කළ Chrome බ්‍රව්සරයත් යන ජනප්‍රියම බ්‍රව්සර් වලට අමතරව Maxthon, Flock, Rockmelt වැනි බොහෝ වෙබ් බ්‍රව්සර් පරිශීලක සුහදතාවය සහ තාක්ෂණය   අතින් ක්‍රමයෙන් දියුණු වෙමින්, විවිධ අන්තර්ජාල සේවා ලබාගැනීම පහසු හා වේගවත් කොට ඇත.

මේ ලිපියේ අරමුණ ක්‍රෝම්, ෆයර්ෆොක්ස්, ඉන්ටනෙට් එක්ප්ලෝරර් යන, වැඩි වශයෙන්ම භාවිතා වන බ්‍රව්සර් තුන සඳහා, ස්ථාපනය කිරීමේදීම ලැබෙන හෝ වෙනත් කෙනෙකු විසින් නිමවූ තීම් එකක් භාවිතා කිරීම වෙනුවට, ඔබේ නිර්මාණශීලීත්වය අනුව, ඔබ කැමති ආකාරයෙන් තීම් එකක් සාදාගැනීමට උපකාරී වන වෙබ් සේවා පිළිබඳව හඳුන්වාදීමයි.

Internet Explorer සහ Firefox ​සඳහා


BT Engage යනු මේ සඳහා පහසුකම් සලසන බොහෝ Online සේවා අතරින් එකක්. එම සේවාව භාවිතා කර ඔබට Firefox සහ Internet Explorer සඳහා ඔබ කැමති ආකාරයේ තීම් එකක් පහසුවෙන්ම සාදාගතහැකියි.

ඒ සඳහා පළමුවෙන්ම ඔබේ Firefox (හෝ IE) බ්‍රව්සරයෙන් https://bt-engage.com වෙත පිවිසෙන්න.


ඉන්පසුව එහි ඇති Create an account මත ක්ලික් කර අවශ්‍ය තොරතුරු ලබාදී ගිණුමක් සාදාගන්න.


දැන් ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට ලැබී ඇති ඊමේල් එකෙහි ඇති සබැඳියට පිවිසීමෙන් ඔබේ ගිණුම සක්‍රිය කරගෙන, ඊමේල් ලිපිනය හා මුරපදය ලබාදී Log වෙන්න.


ඉන්පසුව ඔබේ Dashboard එක වෙත පිවිසෙනු ඇති. එහි ඇති Create a new theme ක්ලික් කරන්න.

ඉන්පසුව ලැබෙ තිරයේ Assets පැනල් එක තුළ ඇති ඇති විකල්ප භාවිතා කර ඔබට ඔබ කැමති ආකාරයේ තීම් එකක් සකසාගත හැකියි.

1. පසුබිම් වර්ණය, තීම් එකෙහි නම සහ විස්තර ලබාදෙන්න



මේ සඳහා ඔබට පිටුවේ දකුණු කෙළවර ඇති කුඩා විජට් එක භාවිතා කළහැකියි. පසුබ්ම් වර්ණයක් වෙනුවට රූපයක් අවශ්‍ය නම්, පහළින් ඇති Backgrounds ටැබ් එක තුළ ඇති ඡායාරූප, ලෝගෝ Drag කරගෙනවිත් ඉහළ කොටසේ ඇති බ්‍රව්සර් පෙරදසුන වෙත drop කිරීමෙන්ද ඔබට ඔබේ තීම් එකෙහි පෙනුම වෙනස් කරගතහැකියි.

ලබා දී ඇති රූප වෙනුවට ඔබේම පසුබිම් ඡායාරූප සහ ලෝගෝ භාවිතා කිරීමට අවශ්‍ය නම්, Assets පැනල් එකෙහි My Images ටැබ් එකට අවශ්‍ය රූප Upload කර, අනෙක් ටැබ් වල ආකාරයටම Drag & Drop කරන්න.


2. විජට් එකතු කරගැනීම

පහළ ඇති Widgets ටැබ් එක මත ක්ලික් කර එහි ඇති බොත්තම්, RSS Readers ඉහළ කොටසට Drag & Drop කිරීමෙන් (හෝ Double Click කිරීමෙන්) ඔබේ තීම් එකට එකතු කරගතහැකියි. එහිදී එම widgets වල දර්ශනය වියයුතු වචන සහ ඒවා Link විය යුතු වෙබ් ලිපින යනාදියද ලබාදිය හැකියි. 












අවශ්‍ය වෙනස් කිරීම් සිදුකිරීමෙන් පසුව, තිරයේ වම් කෙළවර ඉහළින් ඇති Finish මත ක්ලික් කරන්න.











ඉන්පසුව ලැබෙන තිරයේ ඇති Install මත ක්ලික් කිරීමෙන් ඔබට තීම් එක ඔබේ බ්‍රව්සරයට ඉන්ස්ටෝල් කරගත හැකියි. එසේත් නැත්නම් දී ඇති සබැඳිය හෝ Social Network Icon මගින් එය ඔබේ මිතුරන් සමග බෙදාගතහැකියි.  එසේම පසුව පිවිස ඔබ සැකසූ තීම්ස් වෙනස් කිරීමේ පහසුවද මෙම වෙබ් සේවාව ලබාදේ.

(සැ. යු - ෆයර් ෆොක්ස් හැර වෙනත් බ්‍රව්සරයකින් ඔබ එම පිටුව වෙත පිවිසී ඇත්නම් ඩවුන්ලෝඩ් වන *.xpi ගොනුව Firefox බ්‍රව්සරය විවෘත කර ඒ මතට Drag & Drop කර, ලැබෙන වින්ඩෝවෙන් Install තෝරන්න. Internet Explorer සඳහානම් එම බ්‍රව්සරයෙන්ම පිවිසීම හොඳය). 

Chrome ​සඳහා

ක්‍රෝම් සඳහා තීම් එකක් සකසාගැනීම සඳහා ඔබේ ක්‍රෝම් බ්‍රව්සරයෙන් පහත සබැඳියට පිවිසෙන්න. http://www.themebeta.com/chrome-theme-creator-online.html 



පළමුවෙන්ම ඔබේ තීම් එකට සුදුසු නමක් සහ විස්තරයක් ලබාදෙන්න.

ඉන්පසු එහි ඇති Advance ටැබ් එක මත ක්ලික් කරන්න.




අවශ්‍ය වර්ණ හෝ රූප තෝරාදීමෙන් පසුව, Pack ටැබ් එක මත ක්ලික් කරන්න.



ඉන්පසුව එහි ඇති Pack and Install Theme ක්ලික් කර, ඔබ විසින් සකසාගත් තීම් එක පහසුවෙන්ම ක්‍රෝම් බ්‍රව්සරයට ඉන්ස්ටෝල් කරගතහැකියි.


ඔබේ නිර්මාණශීලීත්වය අනුව ඔබ විසින් නිර්මාණය කරන තීම්ස් ටියුටෝරියල් බ්ලොග් මිතුරු මිතුරියන් සමග බෙදාගන්න, ඒවායේ ලින්ක් එක පහළින් කමෙන්ට්  කරන්න. ඔබ දන්නා තවත් මේ ආකාරයේ වෙබ් සේවා ඇත්නම් ඒ පිළිබඳවත් කියන්න.

No comments