Recent comments

අලුත්ම ලිපි 🡲

ANDROID 01 : ආරම්භක පාඩම

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ජංගම දුරකථන, ටැබ්ලට්, සමාට් රූපවාහිනී යන්ත්‍ර යනාදී බොහෝ උපාංග වලදී එක සේ ධාවනය කළ හැකි, ගූගල් සමාගම විසින් පවත්වාගෙන යන ඕපන් සෝස් වර්ගයේ ඉතා ජනප්‍රිය  මෙහෙයුම් පද්ධතියක් බව කවුරුත් දන්නවා ඇති. දිනකට ඇන්ඩ්‍රොයිඩ් මගින් පණ ලබන අලුත් උපාංග මිලියන 1.5ක් පමණ ලෝකයට එකතු වෙනවා. මේ නිසාම, ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග, එසේත් නැතිනම් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් සඳහා සැකසෙන වෙළඳපොළත් දිනෙන් දින ඉහළ යනවා. අද සිට “කිනිත්තෙන්“ ගෙනෙන මේ පාඩම් මාලාවේ අරමුණ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාණය පිළිබඳව මූලික දැනුමක් ඔබට ලබාදීමටයි. ඒ ජාවා ක්‍රමලේඛ භාෂාව භාවිතා කරමිනුයි.



මේ සඳහා පළමුවෙන්ම ඔබේ පරිගණකය තුළ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග නිර්මාණයට අවශ්‍ය පරිසරය සකසා ගතයුතුයි. වැඩි දෙයක් කරන්න නැහැ. අවශ්‍ය වෙන්නේ...
Java Development Kit සහ  
Android Studio ඉන්ස්ටෝල් කරගැනීම පමණයි.

Android Studio කියන්නේ  IntelliJ IDEA නැමැති ජනප්‍රිය IDE එක භාවිතා කරමින් ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන් සැකසිය හැකි Development Environment එකක්. ඇන්ඩ්‍රොයිඩ් සඳහා නුදුරේදීම නිළ  IDE එක ලෙස නම් කෙරෙන්නේත් මෙයයි. 


එහෙමනම් වැඩ පටන්ගනිමු.

පළමුවෙන්ම අපි අලුත් Project එකක් create කරගන්නා හැටි දැනගනිමු.



Android Studio වැඩසටහන Start Screen එක හරහා විවෘත කරගන්න. 


 මීළඟට ලැබෙන තිරයෙන් New Project යන්න තෝරන්න.



මීළඟ තිරයේ Application Name යන්නට ඔබේ වැඩසටහනෙහි නම ලබාදෙන්න. වැඩසටහන් තිරයේ ඉහළින් පරිශීලකයාට පෙන්වන්නේ මේ නමයි (පස්සෙ වෙනස් කරගන්න පුලුවන්). Company Domain සඳහා සුදුසු නමක් ලබාදෙන්න. (මේ දෙකේ එකතුවෙන් ඔබේ Java package එක නිර්මාණය වේ).



මීළඟට ඔබේ වැඩසටහන සහය ලබාදෙන අවම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තෝරාදෙන්න. (අඩු සංස්කරණයක් ලබාදීමෙන් වැඩි උපාංග ප්‍රමාණයක් ආවරණය කළ හැකිියි).




මීළඟ තිරයෙන් Blank Activity තෝරා දෙන්න. (ඇක්ටිවිටි එකක් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහනකදී පරිශීලකයාට කළ හැකි යම් කිසි කාර්යයක්. මේ ගැන තව ඉදිරියේදී දැනගනිමු).




අවසාන වශයෙන් ඔබේ ඇක්ටිවිටි එක සඳහා නමක් ලබාදෙන්න. (මම IDE එකෙන් දෙන MyActivity ඒ විදියටම තියනවා).




Finish ක්ලික් කිරීමෙන් පසුව ඔබ ලබාදුන් සැකසුම් වලට අනුව ඔබේ Project එක නිර්මාණය වනු ඇති.




මීළඟට ඔබට Android Studio ප්‍රධාන තිරය දැකගත හැකිවනු ඇති. එහි වම් පැත්තෙන් ඔබේ Project එකත්, මැදින් ඔබේ Project එකෙන විවෘත කරගත් ගොනුත්, දකුණින් ඔබේ වැඩසටහනේ පූර්ව දර්ශනයකුත් දකින්න ලැබේවි.

වම් පසින් ඇති Project Explorer එකෙහි ඇති Folders දෙස බැලුවොත්,

1 - java ෆෝල්ඩරය තුළ ඇත්තේ ඔබේ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය තීරණය කරන ජාවා කේත සටහන් වලට අදාල ගොනුයි.
2 - res ෆෝල්ඩරය තුළ ඇත්තේ ඔබේ ඇප් එකේ සැකැස්මට/layout එකට අදාල ගොනුයි. එහි drawable-* ලෙස ඇත්තේ එක් එක් තිර විභේදන (resolution) සඳහා වන ගොනුයි. layout ෆෝල්ඩරය තුළ ඇත්තේ ඔබ සාදාගත් activity එකට අදාල ගොනුවයි.
3 - ඔබේ වැඩසටහනේ ඇති ජාවා සහ XML ගොනු එකිනෙක හා සම්බන්ධ කරන තොරතුරු AndroidManifest.xml තුළ ඇතුළත් වේ. (එහි ඔබේ ඇප් එකෙහි නම මෙන්ම activities ද තිබේ).

(Project explorer එකෙහි ඇති ගොනු මත Double click කිරීමෙන් ඒවා විවෘත කරගත හැකියි).



දකුණු පස preview එක තුළ ඇති "Hello world" යන්න ලබාදී ඇත්තේ activity_my.xml තුළ ඇති TextView ටැග් එක තුළ බව ඔබට පෙනේවි.




දැන් "Hello world!" මත ක්ලික් කර බලන්න. එය "@string/hello_world" ලෙස වෙනස් වනු ඇති. ඒ ඇයි?


ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන තුළ භාවිතා වන text ඇත්තේ project explorer එකේ ඇති values ෆෝල්ඩරයේ තිබෙන strings.xml එක තුළයි. එ් කියන්නේ, ඔබට ඔබේ ඇප් එක තුළ භාවිතා වන සියලුම වචන සහ වගන්ති ID එකක් සහ Text එකක් සහිතව strings.xml එක තුළ ලබාදිය හැකියි. (මෙය වැඩසටහන භාෂා අතර පරිවර්තනය කිරීමේදී මෙන්ම අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ නිරවද්‍යතා පිරික්සීමේදීත් පහසුවක් වනවා).




මෙහි ඇති hello_world පහත ආකාරයෙන් වෙනස් කර බලන්න. (මෙහි \n යන්නෙන් නව පේළියක් යන්න අදහස් කෙරේ)


දැන් ඔබ Activity_my.xml එක වෙත් ගියොත් එහි ඇති "@string/hello_world" රතු පැහැයෙන් පෙනෙනු ඇති. (ඒ අපි hello_world ඉවත් කළ නිසායි). 


ඒ වෙනුවට අලුතින් එකතුකළ "welcome_text" යන්න ලබාදෙන්න. (welcome_ ටයිප් කර ctrl + space යතුරු එකවර යෙදීමෙන් ඉතිරිය සම්පූර්ණ කෙරෙනු ඇති). ඒ සමගම ඔබේ preview එකත් update වනු ඇති.




ඒ ආකාරයටම අනෙකුත් ගොනු තුළදීත් මේ string resources භාවිතා කළ හැකියි.



හරි. දැන් අවසාන වශයෙන් ඔබේ වැඩසටහන ධාවනය කරන හැටි ගැන දැනගනිමු.

ඔබ සතුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ඇත්නම් එය පරිගණකයට සම්බන්ධ කරන්න. (නැතත් කමක් නැහැ). ඉන්පසු ඔබේ Andorid Studio IDE එක තුළ ඇති Debug app button එක මත ක්ලික් කරන්න.


ඉන් පසුව ලැබෙන තිරයෙන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය තෝරා OK කරන්න. (Android උපාංගයක් භාවිතා නොකරන්නේනම් Launch Emulator තෝරා virtual device එකක් සකසන්න).



ඉන්පසුව ඔබ තෝරාදුන් උපාංගය තුළ ඔබේ ඇප් එක ධාවනය වනු ඇති!



අදට ඔය මදැයි!
ඊළඟ පාඩමෙන් හමුවෙමු.

ඔබේ අදහස් යෝජනා සහ නිවැරදි කිරීම් සඳහා විවෘතයි.

No comments