Recent comments

අලුත්ම ලිපි 🡲

ඉතුරු බිතුරු නැතිව අතුගෑම! - IObit Uninstaller වැඩසටහන

සාමාන්‍යයෙන් පරිගණකයේ ස්ථාපනය කළ වැඩසටහනක් Uninstall කිරීමේදී අප බොහෝවිට කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් ලබාදෙන Programs and Features හරහා හෝ, එම වැඩසටහනෙහිම ඇති Uninstaller එක භාවිතයෙන් අදාල වැඩසටහන ඉවත් කරගැනීමයි.




නමුත් මේ ක්‍රමයට වැඩසටහන් Uninstall කිරීමේදී එම වැඩසටහන සමග ස්ථාපනය වූ ඇතැම් දේවල් ඉවත් නොවී ඔබේ හාඩ් ඩිස්ක් එක තුළ රැඳී තිබීමට ඉඩ තිබෙනවා. උදාහරණ ලෙස Registries, වෙනත් folders වැනි දේ ගත හැකියි. මේ හේතුව නිසාම, බෝහෝ දෙනා වැඩසටහන් uninstall කිරීම සඳහා විශේෂයෙන්ම සැකසුණු තෙවන පාර්ශ්ව මෘදුකාංග භාවිතා කරනවා. ඒ අතරින් එක් වැඩසටහනකි, Iobit Uninstaller.

මෙම වැඩසටහන ඔබට www.iobit.com වෙතින් නොමිලේම ලබාගතහැකියි. එසේත් නැත්නම් මෙහි portable සංස්කරණය www.portableapps.com වෙතින් ලබාගතහැකියි.

Iobit Uninstaller 3 වැඩසටහන ස්ථාපනය කරගැනීමෙන් පසුව විවෘතකරගත් විට පහත පරිදි එහි ප්‍රධාන තිරය දිස්වනු ඇති. එහි ඔබේ පරිගණකයේ දැනට ස්ථාපනය කර ඇති වැඩසටහන් ලැයිස්තුවක් ඇතුළත්.




මින් වැඩසටහනක් Uninstall කිරීම සඳහා ඔබ කළයුත්තේ අදාල වැඩසටහන ලැයිස්තුව තුළින් click කර, තිරයේ පහළින් ඇති Uninstall button එක මත ක්ලික් කිරීම පමණයි.




ඉන් පසුව ලැබෙන ඉහත තිරයේ ඇති Uninstall button එක ක්ලික් කිරීමෙන්, අදාල වැඩසටහන ඊට අදාල Uninstaller එක භාවිතයෙන් ඉවත් කෙරෙනු ඇති.


සාමාන්‍ය Uninstaller එකෙන් වැඩසටහන ඉවත්වූ පසුව ඔබට Powerful Scan පහසුකම භාවිතා කර, එම වැඩසටහනෙහි ඉවත් නොවූ කොටස් සොයාගත හැකියි.


ඉන්පසුව ලැබෙන ප්‍රතිඵල තිරයෙන් අවශ්‍ය අංග තෝරාදී, වැඩසටහනෙහි ඉතිරිවූ කොටස්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරගත හැකියි.



මීට අමතරව ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සර් වල ඇති Add-ons/Extensions ඉවත් කිරීමද Iobit Uninstaller වැඩසටහන භාවිතා කිරීමට පුලුවනි.



http://www.kinith.blogspot.com/2014/03/iobitUninstaller3.html

1 comment:

  1. Niyamai kollo. Samahara games ehema uninstall karata folders ithuru wenawa. Meken puluwan okkoma ain karanna. Thanx macho.

    ReplyDelete