Recent comments

අලුත්ම ලිපි 🡲

ඔබේ අධ්‍යාපන ආයතනයට, කාර්යාලයට Social Network එකක් මිනිත්තු කීපයකින් හදාගමු! - ( 2 වැනි කොටස)

පසුගිය ලිපියකින් අපි Elgg සෝෂල් නෙට්වර්ක් එකක් හදාගන්න හැටි කතා කළා ඔබට මතක ඇති. (කියවන්න මෙතැනින්).

මේ දෙවැනි ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ එතැනින් ටිකක් ඉදිරියට යන්නයි. ඒ පරිශීලක ගිණුම් තැනීම, තීම්ස්/ප්ලගින්ස් වෙනස් කිරීම එකතු කරගැනීම වගේ දේවල් ටිකක් ගැන කෙටියෙන්, සරලව කතා කරන්නයි.


පරිශීලක ගිණුම් තැනීම 

පරිශීලක ගිණුම් (User Account)  තැනීම සඳහා ඔබේ Elgg Administer panel එකේ Users තුළ ඇති Add new user මත ක්ලික් කරන්න. ඉන් පසුව අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කර Register මත ක්ලික් කරන්න.


 මීට අමතරව Users යටතේ ඇති විකල්ප (Options) භාවිතයෙන් ඔබට දැනට ඔන්ලයින් සිටින පරිශිලකයින් (Currently Online), පරිපාලකයින් (Administrators), අලුත්ම පරිශීලකයින් (Newest Users) සහ පරිශීලකයින් විසින්ම Login page එකේ Register ක්ලික් කර සාදාගත් එහෙත් ක්‍රියාත්මක නොකළ ගිණුම් (Unvalidated) යනාදිය දැකගත හැකියි. (ඊට අමතරව Appearance, Settings වලටත් ගිහින් බලන්න).

https://www.facebook.com/sharer/sharer.php?u=http://kinith.blogspot.com/2014/03/ElggSocialNetwork2.html

Plugins එකතු කරගැනීම

Elgg සඳහා භාවිතා කළහැකි Themes සහ වෙනත් Plugins ඔබට Plugins යටතේ ලැයිස්තුගත කර දක්වනවා. මෙහි ඇති Activate/Deactivate buttons භාවිතා කර මෙම ප්ලගින්ස් සක්‍රිය/අක්‍රිය කරගත හැකියි.


මෙවැනි ප්ලගින්ස් ඔබට http://community.elgg.org/plugins වෙතින් පහසුවෙන්ම සොයාගතහැකියි. මෙසේ ඩවුන්ලෝඩ් කරගන්නා ප්ලගින්ස්, (Zip file එක Extract කර) ඔබේ Elgg folder එක තුළ ඇති Mod නැමැති folder එක තුළට Copy-Paste කරන්න. (උදා - C:\xampp\htdocs\elgg-1.8.16\mod). 




ඉන්පසුව ඒවා ඔබේ Elgg Administrator Panel එකේ Plugins තුළ දිස්වනු ඇති. ඔබ කළ යුත්තේ ඔබට භාවිතා කිරීමට අවශ්‍ය ප්ලගින්ස් තෝරාගෙන ඒවා සක්‍රිය කිරීම පමණයි.

(Facebook Theme එක මම ඩවුන්ලෝඩ් කළේ මෙතැනින්).

 

(එකම වර්ගයේ ප්ලගින්ස් දෙකක්, උදාහරණයක් ලෙස තීම්ස් දෙකක් එකවර සක්‍රිය කර තැබීමෙන් ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්).

 
විවිධ තීම්ස්/ප්ලගින්ස් භාවිතා කරමින් ඔබට අවශ්‍ය ආකාරයේ පෙනුමකින්, ක්‍රියාකාරීත්වයකින් යුත් සෝෂල් නෙට්වර්ක් එකක් හදාගන්න දැන් පුලුවනි!.


මේ ලිපිය ඔබට වැදගත් වුණානම්, ඔබේ මිතුරන්ටත් කියැවීම සඳහා ශෙයා කරන්න.
https://www.facebook.com/sharer/sharer.php?u=http://kinith.blogspot.com/2014/03/ElggSocialNetwork2.html

 

No comments