Python #01 පාඩම - Python හඳුනාගනිමු
කෙටි හැඳින්වීමක්
Python යනු සාමාන්‍ය පරිගණක වැඩසටහන් සම්පාදනය සඳහා යොදාගන්නා (general-purpose), high-level programming language එකකි. අනෙකුත් පරිගණක ක්‍රමලේඛකරණ භාෂාවන්ට සාපේක්ෂව Python ඉගෙන ගැනීම සහ භාවිතා කිරීම ඉතාමත් පහසුය. එහි එන කේත රටාද ඉතා සරලය.
Python නම ඇසූ සැණින් අපිට මතක් වන්නේ සර්පයෙක් වුවත්, Python ක්‍රමලේඛ භාෂාවට සර්පයින් සමග ගනුදෙනුවක් නැත. Python පළමුවෙන්ම හඳුන්වාදුන්නේ 1980 දශකයේ අගභාගයේදී (1989) නෙදර්ලන්තයේ CWI ආයතනයේ Guido van Rossum විසිනි. ඒ ABC programming language එකේ ඉදිරි පියවරක් ලෙසිනි.
Python 2.0 නිකුත් වූයේ 2000 වර්ෂයේ ඔක්තෝබර් 16 වැනිදාය. ඉන්පසුව දිගුකාලයක් කළ පර්යේෂණ වලින් පසු 2008 වසරේ දෙසැම්බර් 3 වැනිදා Python 3.0 සංස්කරණය නිකුත් කෙරිණි. Python ක්‍රමලේඛකරණ භාෂාව 2007, 2010 සහ 2011 වර්ෂ වලදී වසරේ හොඳම ක්‍රමලේඛකරණ භාෂාව සඳහා හිමිවන TIOBE සම්මානයද හිමිකරගත්තේය.
Python ක්‍රමලේඛකරණ භාෂාව පරිගණක වැඩසටහන් සම්පාදනයට මෙන්ම, Web Applications සඳහා වන Scripting Language එකක් ලෙසද නිරතුරුවම භාවිතා කෙරේ.
Paradigm(s) | multi-paradigm: object-oriented, imperative,functional, procedural,reflective |
---|---|
Appeared in | 1991 |
Designed by | Guido van Rossum |
Developer | Python Software Foundation |
Stable release |
3.2.2 /
4 September 2011
2.7.2 /
11 June 2011
|
Preview release |
3.3.0a1 /
5 March 2012[1]
|
Typing discipline | duck, dynamic, strong |
Major implementations | CPython, IronPython,Jython, Python for S60,PyPy |
Dialects | Cython, RPython, Stackless Python |
Influenced by | ABC,[2] ALGOL 68,[3]C,[4] C++, [5] Dylan,[6]Haskell,[7] Icon,[8] Java,[9]Lisp,[citation needed]Modula-3,[5] Perl |
Influenced | Boo, Cobra, D, Falcon,Groovy, JavaScript,Ruby[10] |
OS | Cross-platform |
License | Python Software Foundation License |
Usual filename extensions | .py, .pyw, .pyc, .pyo, .pyd |
Website | python.org |
Python භාගත කරමු
Python පරිගණක ක්‍රමලේඛකරණ භාෂාව ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය වන ගොනු පහත සබැඳීයෙන් භාගතකරගත හැකිවේ. එහිදී ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන සංස්කරණය තෝරාගන්න.
Python ස්ථාපනය කරමු
භාගත කිරීමෙන් පසුව සාමාන්‍ය වැඩසටහනක් ආකාරයෙන්ම Setup File එක Double Click කර උපදෙස් අනුගමනය කිරීමෙන් පරිගණකයේ ස්ථාපනය කරගත හැකිය.
ස්ථාපනය කිරීමෙන් පසුව Python ක්‍රමලේඛ භාෂාව භාවිතා කරන ආකාරය පිළිබඳව අපි මීළඟ පාඩම් වලින් පැහැදිලි සරල උදාහරණ සහිතව පියවරෙන් පියවර ඉගෙනගනිමු.
:n patta
ReplyDeleteබොහොම ස්තුතියි!
Deleteබොහෝම ස්තුතියි!
Deletepython gena aye lesson nadda
ReplyDeletehttps://docs.google.com/document/d/1gfOL-f-jdGKLPM9t_IYVNK4QW9gjVKG0YBRUGOfb9os/edit#heading=h.14a6bf5jrovl
Deleteaye python karanne nadda
ReplyDeletehttps://docs.google.com/document/d/1gfOL-f-jdGKLPM9t_IYVNK4QW9gjVKG0YBRUGOfb9os/edit#heading=h.14a6bf5jrovl
Deletei'll start a blogger soon. but for now im updating this google doc for python beginners
python gana complete lesson ekak nadda?
ReplyDeletefor complete lessons for *python*html visit codesforkids>>>http://j.gs/64Bs
Deletehttps://docs.google.com/document/d/1gfOL-f-jdGKLPM9t_IYVNK4QW9gjVKG0YBRUGOfb9os/edit#heading=h.14a6bf5jrovl
Deletei'll start a blogger soon. but for now im updating this google doc for python beginners
Nice share
ReplyDelete