Recent comments

අලුත්ම ලිපි 🡲

File Compress/Decompress කරන්න WINRAR/WINZIPම ඕන නෑ!

අපි හැමෝම අනිත් දේවල්වලදි වගේම මෘදුකාංග භාවිතයේදීත් පාරම්පරික උරුමය විශ්වාස කරන්නන් පිරිසක්. CD/DVD Burn කරන්න කිව්වොත් අපි හොයන්නෙම Nero. Download Manager නම් IDM මිසක් වෙන එකක් දිහා හැරිලවත් බලන්නෙ නෑ. File Compress කරන්න හොයන්නෙම WinRar එහෙමත් නැත්නම් WinZip වගෙ අමාරුවෙන් Serial Numbers, Cracks හොයාගෙන Install කරගන්න වාණිජ මෘදුකාංග.

ඒත් File Compress/Decompress කරන්න WINRAR/WINZIPම ඕන නෑ!


7 Zip යනු මූලික වශයෙන් වින්ඩෝස් සඳහා තැනූ file archiver එකකි. 7 Zip වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ 7z නැමැති File Format එක වුවත් එයට වෙනත් File Formatsද කියැවීමේ හැකියාව පැවතීම සුවිශේෂය. 7 Zip ඕපන් සෝස් වර්ගයේ මෘදුකාංගයක් වන අතර එහි පළමු සංස්කරණය නිකුත් වූයේ 1999 වර්ෂයේ තරම් ඈත කාලයකදීය.

ලෝකයේ ඇති එකම File Compression මෘදුකාංගය WinRar හෝ WinZip වැනි මුදල් ගෙවා ලබාගතයුතු මෘදුකාංග පමණක් නොවේ.7Zip තුළ ඔබට එවැනි මෘදුකාංග වලින් තනන ZIP, TAR, GZ, RARArchives සමගත පහසුවෙන් වැඩ කළ හැකියි. WinZip මෙන් නොව 7Zip වලින් Unix සහ Linux වලදී බහුලව භාවිතා වන TAR සහ GZ archives වලටද සහය දක්වයි.


ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කිරීමට මෙම මෘදුකාංගයට ඇති හැකියාවද සුවිශේෂය. බොහෝ පරීක්ෂණ වලදී, ඇතැම්විට Compress කිරීමට ගතවන කාලය වැඩි වුවත් 7z archives Zip ෆයිල්ස් වලට වඩා 40%කින් පමණ කුඩා බව පෙනෙන්නට තිබේ.


Advanced options හරහා ඔබට self-extracting archives, compression level වෙනස් කිරීම සහ password protection යෙදීමද කළ හැකියි. මෙම මෘදුකාංගයේ command line module එකක්ද පවතී. ප්‍රධාන අතුරුමුහුණත ඉතා සරල නිසා තනිවම වුවත් විනාඩි කීපයක් තුළ මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරය පහසුවෙන්ම ඉගෙනගත හැකියි.

Right Click මෙනු එකට ලැබෙන පහසුකම් අතර “testing” යන්නෙන් හැඟීයන්නේ 7-Zip මෘදුකාංගය ඉතා ආරක්ෂිතව File Compress කිරීම සඳහා හොඳ මෘදුකාංගයක් බවයි.


සාමාන්‍ය පරිගණක භාවිතාකරන්නන්ට මෙන්ම Unix/Linux මෙහෙයුම් පද්ධති අතර මාරුවෙමින් මෘදුකාංග වැඩිදියුණු කරන්නන්ටද 7Zip ඉතා හොඳින් ගැලපේ.


7Zip මෘදුකාංගයේ වැදගත් අංග ලක්ෂණ:


  • LZMA
compression සමග එන නව 7z format එකෙහි ඉතා ඉහළ compression ratio එකක් පවතී
සහය දක්වන ෆයිල් formats: 
  • Packing / unpacking: 7z, ZIP, GZIP, BZIP2 and TAR
  • Unpacking පමණක්: ARJ, CAB, CHM, CPIO, DEB, DMG, HFS, ISO, LZH, LZMA, MSI, NSIS, RAR, RPM, UDF, WIM, XAR and Z.
  • File Association
  • ZIP සහ GZIP formats සඳහා, 7-Zip මගින් WinZip වලට වඩා 2-10 % හොඳ ratio එකක් ලබාදේ.
  • 7z සහ ZIP සඳහා ඉතා ආරක්ෂිත AES-256 encryption හැකියාවක් පවතී
  • 7z format එක සඳහා Self-extracting Archives තැනීමේ හැකියාව
  • Windows Shell සමග ඒකාබද්ධ කළ හැකිවීම
  • ප්‍රබල File Manager එකකින් යුතු වීම
  • ප්‍රබල command line පිටපතකින් යුතු වීම
  • භාෂා 74කින් ලබාගත හැකිවීම
  • Windows 7 / Vista / XP / 2008 / 2003 / 2000 / NT / ME / 98/Linux/Unix මෙහෙයුම් පද්ධති සඳහා සහය දැක්වීම

භාගත කිරීම සඳහා

7Zip මෘදුකාංගය පහත සබැඳී වලින් 32/64 Bit මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේම භාගත කරගත හැකියි.

No comments