Recent comments

අලුත්ම ලිපි 🡲

වින්ඩෝස් 10 Virtual Desktops ගැන දන්නවද?

ඩෙස්ක්ටොප් එක කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ! ඔව් ඔව්, ඒ මතක් වුණ එක තමයි.

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකින් පණගැන්වෙන පරිගණකයක ඇත්තේ එක ඩෙස්ක්ටොප් එකක් විතරයිනේ. ඔබ විවෘත කරන සියලුම වැඩසටහන් පෙන්වන්නේ ඒ එක ඩෙස්ක්ටොප් එක මතයි. වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් විවෘත කරගෙන වැඩ කරන අවස්ථාවක ඔබේ ටාස්ක් බාර් එක පිරී ඉතිරී යනවාත් ඇති!.

නමුත් එකම පරිගණකයක ඩෙස්ක්ටොප් කීපයක් තබාගෙන වැඩකරන්නත් පුලුවන්.  එතකොට ඒ ඒ පරිගණක තිරයේ ඒ ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරවාගෙන අවශ්‍ය පරිදි මේ තිර අතර මාරු වෙමින් වැඩකරන්න පුලුවන්. මේවා අතථ්‍ය ඩෙස්ක්ටොප් හෙවත් වර්චුවල් ඩෙස්ක්ටොප් (Virtual Desktops) විදියට හඳුන්වන්න පුලුවන්.








මේ සඳහා භාවිතා කළ හැකි third party (තෙවන පාර්ශ්ව) මෘදුකාංග බොහොමයක් ඇතත් වින්ඩෝස් 10 සමග ස්වභාවයෙන්ම ලැබෙන Virtual Desktop වැඩසටහනක් තිබෙන බව ඇතැම්විට ඔබ නොදැන ඉන්න ඇති!. මේ කෙටි හඳුන්වාදීම වින්ඩෝස් 10 සමග ලැබෙන මේ ප්‍රයෝජනවත් අංගය ගැනයි.

වර්චුවල් ඩෙස්ක්ටොප් එකක් හදාගමු

වැඩිට මුකුත් කරන්න ඕන නෑ. කීබෝඩ් එකේ WINDOWS + CTRL + D යතුරු (keys) තුන එකවර තද කරන්න. එච්චරයි! 


දැන් ඔබ මෙතෙක් වැඩ කරමින් සිටි තිරයට අමතරව තවත් තිරයක් ලැබේවි.



 වර්චුවල් ඩෙස්ක්ටොප් අතර මාරුවෙමු

වර්චුවල් ඩෙස්ක්ටොප් එකක් හැදුණද කියලා ෂුවර් නෑ වගේනම් දැන් මොකක් හරි Program එකක් open කරන්න. ඉන්පස්සෙ WINDOWS + CTRL +LEFT ARROW keys එකවර තද කරන්න. ඔබ නැවත කලින් සිටි ඩෙස්ක්ටොප් එකට යාවි!. 



ආයෙම  WINDOWS + CTRL + RIGHT ARROW keys එකවර තද කරන්න. දැන් ඔබ නැවත දෙවැනි වර්චුවල් ඩෙස්ක්ටොප් එකේ.

මීට අමරතව WINDOWS + TAB keys එකවර තද කිරීමෙනුත් වර්චුවල් ඩෙස්ක්ටොප් අතර මාරුවෙන්න පුලුවන්.




 වර්චුවල් ඩෙස්ක්ටොප් ඉවත් කරමු

මේ ක්‍රමයට ඔබට අවශ්‍ය තිරය තෝරා දීමටත්, අලුත් තිර එකතු කිරීමටත්, පවතින තිර වසා දැමීමටත් පුලුවන්. එහෙමත් නැත්නම් WINDOWS + CTRL + F4 keys එකවර තද කරන්න.



ලොකු දෙයක් නම් නෙවෙයි. ඒත් ප්‍රයෝජනවත් වේවි!

No comments