ඔබේ Smart Home එක පරිස්සම් කරගන්න - අනාගත Home Security තාක්ෂණය
අනාගතයේදී Smart Home එකක ජීවත් වන ඔබ නිවසින් පිටව ගොස් නැවත පැමිණෙන විට ඔබේ නිවස ඔබව හඳුනාගෙන දොරටුව විවෘත කර දෙනු ඇත! ඔබ ඔබේ ශීතකරණයේ දොර විවෘත කර ඉවත්ව ගියවිට ඔබේ නිවසේ විදුලි පහන් දැල්වෙමින් නිවෙමින් ඒබව ඔබට දැනුම් දෙනු ඇත! නිවසේ ඉදරිපස දොරටුව ඔබේ නිවසේ සවි කර ඇති ගිනි ගැනීම් පිළිබඳ අනතුරු අඟවන සංවේදක සමග කතා කරනු ඇත!. ඔබ කලින් සැලසුම් කරනලද වේලාවකදී ඔබේ නිවසේ ජනෙල් දොරවල් වලට ඔබේ නිවස විසින්ම අගුලු ළාගනු ඇත! වතුර උණු කිරීම අවසන් බව කේතලය විසින්ම ඔබේ Smart TV එක හරහා notifications ලබාදෙමින් ඔබව දැනුවත් කරනු ඇත!
මේ Qualcomm නම්වූ කැලිෆෝනියානු සමාගම විසින් අනාගත Smart Homes තැනීම සඳහා අවශ්‍යවන තාක්ෂණය දැනටමත් ලෝකය සතු වන බව පෙන්වමින් දැක්වූ නිදසුන් කීපයක් පමණි. ඒ කියන්නේ ඔබේ ස්මාට් දුරකථනයද ඇතුළු නිවසේ ඇති සියලුම දේ එකිනෙක හා සමග සම්බන්ධව කටයුතු කරන, අදහස් සහ විධාන හුවමාරු කරගන්නා සංකල්පයක් පිළිබඳවයි.
Smart නිවසක ලක්ෂණ පිළිබඳව යම් අවබෝධයෙන් ලද අපි අපේ මාතෘකාව - අනාගත Home Security තාක්ෂණය - දෙසට අවධානය යොමු කරමු.
වර්තමානයේදී නිවෙස්හි ආරක්ෂාව තාක්ෂණික දියුණුව හේතුවෙන් අන් කවරදාකටත් වඩා පහසුවී තිබේ. අද Smart Phones, Smart TV භාවිතා කරන අපට, මෙම ගෘහස්ත ආරක්ෂණ තාක්ෂණයේ සිදුවන සීඝ්‍ර දියුණුවත් සමග නුදුරු අනාගතයේදීම Hyper-Secure connected Smart Home සංකල්පයද අරුමයක් නොවනු ඇත.
මේ ලිපියේ අරමුණ එවැනි නිවාස ආරක්ෂණ තාක්ෂණික ක්‍රමවේද කීපයක් පිළිබඳව ඔබට දැනුම ලබාදීමයි.
Door Finger Print Reader / දොරටුවේ ඇඟිලි සලකුණු කියවනය
මෙහිදී දොරෙහි හෝ ගේට්ටුවෙහි අගුලට ඇඟිලි සලකුණු සංවේදකයක් සවිකෙරේ. එමගින් දොරගුල කරකවන්නාගේ ඇඟිලි සලකුණු සටහන් කර ගැනෙන අතර එය ගබඩා කර ඇති අවසරලත් පුද්ගලයන්ගේ දත්ත සමඟ සසඳා බලා අනන්‍යතාවය තහවුරු කර ගැනේ. එසේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකිවිට එසේ ඇතුලුවන්නාගේ ඡායාරූපයක් සමඟ දැනුම්දීමක් නිවෙස් හිමියාගේ ජංගම දුරකථනයට මෙන්ම ආරක්ෂක නිළධාරීන් වෙතද ලැබෙනු ඇත.
Cross-checking Facial Recognition /හරස් ආවේක්ෂණ මුහුණු හඳුනාගැනීම
වඩාත් පහසුවෙන් නිවෙසට ඇතුලුවන්නන් හඳුනාගත හැකි තාක්ෂණයකි. දොරෙහි සවිකර ඇති facial recognition උපකරණයක් ආධාරයෙන් ඇතුලුවන්නාගේ දත්ත ඔබගේ සමාජ-ජාලා වෙබ් අඩවි සමග සම්බන්ධ කල හැක. එයට අමතරව අදාල පණිවුඩ පොලිසිය වෙත යොමුකිරීමේ හැකියාව හේතුවෙන් යම්කිසි අපරාධයකදී ක්ෂණිකව ක්‍රියා කළ හැක.
Full Smart Home /පූර්ණ ස්මාට් නිවස
නිවසෙහි සියලු සේවාවන් ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සම්බන්ධ කරනු ලබන මෙම තාක්ෂණය Universal remote සංකල්පය හා සමාන වේ. ආලෝක සහ විද්‍යුත් උපාංග හා සම්බන්ධ චලන සංවේදක වල ක්‍රියාකාරීත්වය තුළින් වහාම ඔබගේ දුරකථනයට ඒ පිළිබඳව දැනුම්දෙනු ලැබේ. තවද ආරක්ෂක පද්ධතිය තම ජංගම දුරකථනය හා සම්බන්ධව ඇති හෙයින් අනවසර ඇතුලුවීමකදී ඇතුලුවන්නාගේ ඡායාරූපයක් දුරකථනයට ලබා ගැනීමේ හැකියාවද පවති.
Improved Cyber Security / වැඩිදියුණු කළ සයිබර් ආරක්ෂාව
ලිපිය කිනිත්තට එව්වේ :
ඔබේ අදහස් යෝජනා සහ නිවැරදිකිරීම් සඳහා විවෘතයි.
කිනිත්තට ලියන්න ඔබත් කැමතිනම්, ඔබ විසින් සැකසූ සිංහල මාධ්‍ය ලිපි kinithhettiarachchi@gmail.com වෙත එවන්න. තෝරාගත් ලිපි සංස්කරණය කරන ලදුව පල කරනු ලැබේ.
කිනිත්තට ලියන්න ඔබත් කැමතිනම්, ඔබ විසින් සැකසූ සිංහල මාධ්‍ය ලිපි kinithhettiarachchi@gmail.com වෙත එවන්න. තෝරාගත් ලිපි සංස්කරණය කරන ලදුව පල කරනු ලැබේ.
No comments