Recent comments

අලුත්ම ලිපි 🡲

PEN DRIVE එකෙන් Windows 8 ඉන්ස්ටෝල් කරන්න

සාමාන්‍යයෙන් අපි කවුරුත් පුරුදු වෙලා ඉන්නෙ මෙහෙයුම් පද්ධතියක් Install කරද්දි Bootable DVD එකකින් ඒ වැඩේ කරගන්නයි. සමහර විට ඒ DVD එක යන්තමින් හෝ සීරීමකට ලක්වෙලා තිබුණොත්, වැඩේ අතරමග නවතින්නත් ඉඩ තියෙනවා!

මේ ලිපියෙන් කියාදෙන්නේ DVD එකක් වෙනුවට Pen Drive එකකින් Windows 8 හෝ Windows 7 install කිරීම සඳහා භාවිතා කළ හැකි සරල ක්‍රමයක් ගැනයි. ඒ කිසිම තෙවැනි පාර්ශ්ව මෘදුකාංගයක් භාවිතා නොකර!



බොහෝ තැන් වල තියෙන ලිපි වල තියෙන කරුණු අනුගමනය කිරීම ඒ තරම් සාර්ථක නැති වුණත්, මේ ලිපියෙන් ඒ සඳහා 100%ක් සාර්ථක ක්‍රමයක් පිළිවෙලින් ඉදිරිපත් කරනවා.

ඔබට අවශ්‍ය වෙන්නේ -
1) අවම වශයෙන් 4GB ධාරිතාවයක් ඇති Pen Drive එකක් සහ
2) Windows 7/ Windows 8 DVD එකක් (හෝ ISO image එකක්) පමණයි.

වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි.

1 වැනි පියවර
මුලින්ම Pen Drive එක පරිගණකයට සම්න්ධ කරන්න. අවශ්‍ය දත්ත පෙන් එකේ ඇත්නම් වෙනත් තැනකට කොපි කරගන්න. Start Menu එකේ පහළ Search box එකේ CMD කියලා ටයිප් කරන්න. ඉන් පස්සේ, Ctrl+Shift+Enter කී තුනම එකවර press කිරීමෙන් Command Prompt එක විවෘත කරගන්න. එවිට පහත රූපයට සමාන වින්ඩෝවක් පෙනෙනු ඇති.



2 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ DISKPART ලෙස ටයිප් කර Enter කරන්න. එවිට තිරය පහත පරිදි  පෙනෙනු ඇති.



3 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ LIST DISK ලෙස ටයිප් කර Enter කරන්න. එවිට ඔබේ පරිගණකයට සම්බන්ධ කර ඇති Storage devices ලැයිස්තුවක් පෙන්වනු ඇති. එයින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක නිවැරදිව හඳුනාගන්න. (මගේ පෙන් ඩ්‍රයිව් එක 7711MB ධාරිතාවයෙන් යුත් Disk 1 කියන drive එකයි)



4 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ SELECT DISK 1 ලෙස ටයිප් කර Enter කරන්න. (මා කලින් කී පරිදි, ඔබේ පෙන් ඩ්‍රයිව් එකට අදාල ඉලක්කම ලබාදෙන්න). එමගින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක සිලෙක්ට් කරගනු ලබනවා.



5 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ CLEAN ලෙස ටයිප් කර Enter කරන්න.



6 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ CREATE PARTITION PRIMARY ලෙස ටයිප් කර Enter කරන්න. එයින් ඔබේ පෙන් ඩ්‍රයිව් එක තුළ ප්‍රයිමරි පාටිෂන් එකක් සෑදේ.



7 වැනි පියවර
Command Prompt වින්ඩෝවේ SELECT PARTITION 1 ලෙස ටයිප් කර Enter කරන්න. එයින් ඔබ සාදාගත් පාටිෂන් එක සිලෙක්ට් කරගනු ඇති. ඉන්පසුව ACTIVE ලෙස ටයිප් කර Enter කරන්න.





8 වැනි පියවර
සාදාගත් පාටිෂන් එක ෆෝමැට් කිරීම සඳහා Command Prompt වින්ඩෝවේ FORMAT FS=NTFS ලෙස ටයිප් කර Enter කරන්න.


Format වීම සඳහා මිනිත්තු කීපයක් ගතවෙනු ඇති.



9 වැනි පියවර
ෆෝමැට් වීම අවසන් වූ පසු Command Prompt වින්ඩෝවේ ASSIGN ලෙස ටයිප් කර Enter කරන්න. දෙවනුව DISKPART> වෙතින් ඉවත් වීම සඳහා EXIT ලෙස ටයිප් කර Enter කරන්න.




දැන් ඔබ නැවතත් SYSTEM32> වෙත පැමිණෙනු ඇති. මෙතෙක් භාවිතා කළ විධාන සමග ඔබේ තිරය පහත පරිදි දිස්විය යුතුයි.



10 වැනි පියවර
ඔබේ WINDOWS 7/8 DVD එක DVD drive එකට ඇතුළ් කරන්න. (නැතහොත් ඔබේ ISO ඉමේජ් එක mount කරගන්න).

මගේ DVD ROM එක - H:
මගේ PEN DRIVE එක - F:

දැන් Command Prompt වින්ඩෝවේ H: CD BOOT ලෙස ටයිප් කර Enter කරන්න.



ඉන් පසුව Command Prompt වින්ඩෝවේ CD BOOT ලෙස ටයිප් කර Enter කරන්න. දැන් ඔබ ඔබේ DVD  drive එකෙහි boot නැමැති ෆෝල්ඩරයට (H:\boot>) පැමිණ තිබේ.


11 වැනි පියවර
දැන් Command Prompt වින්ඩෝවේ BOOTSECT.EXE /NT60 F: ලෙස ටයිප් කර Enter කරන්න.



12 වැනි පියවර
අවසන් වශයෙන් ඔබේ DVD එක OPEN කර එහි ඇති සියලුම FILES සහ FOLDERS ඔබේ පෙන් ඩ්‍රයිව් එකට කොපි කරගන්න.



එච්චරයි.
දැන් පෙන් එක පරිගණකයට සම්බන්ධ කර තිබියදී පරිගණකය START කර, Boot menu එකෙන් පෙන් ඩ්‍රයිව් එක select කර දීමෙන් ඔබට පෙන් ඩ්‍රයිව් එක හරහා WINDOWS install කරගැනීමට පුලුවනි!.

ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.
ස්තිතුයි!

No comments