යෙහෙළියකට ලියූ කවිය | කවි කිනිත්ත
මලක් දුටුවෙමි විලක් මැද -
විල් ඉවුර ළඟ මම බලා සිටියෙමි
සඳක් දුටුවෙමි ගගන දුර -
තරු වියන යට මම සුසුම් හෙලුවෙමි
දොලක් දුටුවෙමි සනෛහෙ දිය පිරි -
ළඟින් ඉඳ ඒ සිසිල වින්දෙමි
නුඹට උපමා කරනු නිසි -
මිතුරියක් මම සසරෙහිම සෙව්වෙමි
No comments